තල මල පිපිලා

ජයලත් මනෝරත්නයන්ගේ වතගොත
පවුලේ බඩ පිස්සා ලෙස මෙලොව එළිය දුටු කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න හෙවත් අප සියල්ලම දන්නා ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ රංගධරයන් අතුරින් රංගන විෂය පිළිබද දැනුමකින් සවිමත් යුග පුරුෂයෙකි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ උපත ලද මෙතුමා වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම ගැමියෙකි. පේරාදෙණිය සරසවියෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ මෙතුමාගේ පළමු නාට්‍ය වූයේ “ප්‍රේමතෝ ජායතෝ සෝකෝ” නාට්‍යයයි.
අද්‍යතනයේ අදටත් කරලියෙහි ජීවමානව සිටින ප්‍රමුඛතම නාට්‍යකරුවෙකු ලෙස ජයලත් මනෝරත්නයන් හදුනාගත හැකි ය. රංගනයෙන් වේදිකාව ආක්‍රමණය කළ දැවැන්ත යුග පුරුෂයකු ලෙස මනෝරත්නයන්ගේ සේවාව ඉමහත් ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාඩගම් රීතීය ඔස්සේ ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායේ නළුවකු ලෙස තහවුරු වී ඇත. නැටුමට, ගැයුමට මෙන්ම රංගනයට ද එකසේ දස්කම් දක්වන මොහු හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා ආදි පුරෝගාමීන්ගේ සමාජ විමර්ෂණාත්මක වේදිකා නාට්‍ය නිර්මාණ අත්හදා බැලීමේ නිරත වූවෙකි. එදා පටන් අද දක්වා ම නුතන රංග ක්‍රම හා දෙස් විදෙස් රංග රීතින් අත්හදා බලමින් නාට්‍යකරණයේ නියැලුණු තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ හරහා සිය සමත්කම් නිර්ලෝභීව බෙදා හදා දෙන්නට තරම් මොහු නිහතමානී වුවෙකි. ඒ අනුව විවිධ ශෛලීන්ගෙන් යුක්ත නාට්‍ය රැසක් සිංහල වේදිකා නාට්‍ය තුළ දැක්වීමට මොහුට හැකි වී ඇත.
ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් වන නාට්‍ය එනම් බැලිමෙන් හා ඇසීමෙන් රස විදින කලා මාධ්‍යයකි. “ නළුවෝ ද නිළියෝ ද වෙස් වළාගෙන අවුත් ප්‍රේක්ෂකයන් ඉදිරියේ කිසියම් අවස්තාවක් දක්වති. රවිට නාටයයක් පහල වේ.” යනුවෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කල්පනා ලෝකය කාතියේ දක්වයි. නාට්‍යයක් ලෙස අර්ථ දක්වන්නේ සැබෑ ජිවිත පුවතක් හෝ ගොතන ලද කතාවක් ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ චතුර් අභිනය යොදා ගනිමින් නිරූපණය කිරීම ලෙස සරලව දැක්විය හැකි ය.
මනෝර්ත්නයන් වේදිකාව තුළ දැක්වූයේ රංගන කුසලතාව පමණක් නොව පිටපත් රචනය මෙන් ම අධ්‍යක්ෂණය ද මොහුගේ හැකියාව පෙන්නුම් කරනු ලබයි. මොහුගේ මෙම අසමසම ව්‍යායාමයේ ප්‍රතිපලයක් ලෙස මනෝරත්නයන් දශක හතරහමාරක කාල පරාසයක් තුළ වේදිකාවේ සැරිසරමින් පරිවර්තන නාට්‍යයකුත් ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණ 10කුත් ඔස්සේ සිය ප්‍රතිභාව සිංහල වේදිකා නාට්‍ය රසික ප්‍රේක්ෂක ජනතාව වෙත ලබා දුන්නේ ය. ඒ අතර,
පුත්‍ර සමාගම
තල මල පිපිලා
ගුරු තරුව
අන්දරේලා
කනේරු මල්
බූරුවා මහත්තයා
සුදු රෙදි හොරු
ආදි අපූරු නාට්‍ය රැසක් පේක්ෂකයාට ලබා දුන්නේ මෙකී අප්‍රතිහත වූ ධෛර්යය නිසාය. මෙයට අමතරව ගල් වඩු රාළ, සිංදුයි බිංදුයි යන ළමා කෘති ද දවස තව තරුණයි නව කතාව ද, වැහි එනතුරු, මිනිහට නින්ද යන්න ඇති යන කෙටි කතා සංග්‍රහ ද ඔහුගේ නිර්මාණ අතර වේ.
තල මල පිපිලා වේදිකා නාට්‍යයේ ඇතුළාන්තය
1983 දී තල මල පිපිලා නාටකයෙහි පෙළ ලිවීම ආරම්භ වුව ද එය අවසන් වන්නේ 1988 දි පමණය. මනෝරත්නයන් හැදි වැඩුණු උඩරට පළාතේ පැවති ගැමි නාටකත් ඒවායේ රගපෑ ගැමියන් සහ ගමේ විහාරේ වැඩිහිටියනුත් ඔවුන්ගේ දෙවනි පරම්පරාවේ සාමාජිකයනුත් එකී මූලාශ්‍රවලට පදනම වී ඇත. වැඩවසම් අර්ථ ක්‍රමයක වටපිටාව සහිත උඩරට ගමකට නවීකරනය අත වනනා කාලයක එගම වැසියන්ගේ එතෙක් පැවති ජීවන වෘත්තිය හා සිතුම් පැතුම්,ආචාර ධර්ම, සංස්කෘතිය හා කාලාන්තරයක් තිස්සේ සාම්ප්‍රදායිකව බද්ධ වී තිබූ ගම සහ පවුල් සංස්ථාව මුහුණ දෙන ඛේදවාචකය “තල මල පිපිලා” නාට්‍යට කේන්ද්‍රීය විෂය වී තිබේ.
කලාව සාහිත්‍ය ඇසුරින් චමත්කාරය සෞන්දර්යය වහනය වුව ද නවීකරණයේ අනිටු විපාක විසින් විනාශයම ඉල්පී එන බැවින් සුන්දර වස්තුවක් වුව ද ගැමි විශ්වාසයට අනුව අනිත්‍ය සිහිපත් කරවන බැවින් “තල මල” මෙහිලා සංකේතාත්මකව යොදාගෙන ඇත. සියවසකට ආසන්න කාලයක් පවත්නා ගසේ විනාශය ආරම්භ වන්නේ තල මල පිපීමත් සමඟ ය. එනිසා නවීකරනය තුළින් අපගේ නෙත් සිත් ද ආටෝප සැරසිල්ලකින් වසා දමා කාලයක් මුළුල්ලේ පැවති සාම්ප්‍රධාය ද ආවරණයකින් වසා දැමිම කරනු ලබයි. එය මෙකී නාට්‍ය මගින් නිරූපණය කෙරේ.
මෙහි ප්‍රධාන චරිත වනුයේ රංබරණා ගුරුන්නාන්සේ (ජයලත් මනෝරත්න) , හේතු (ජගත් චම්පික), සභාපති (ලාල් කුලරත්න) ආදීන් ය. 1988 රාජ්‍ය නාට්‍ය උළෙලේදී මෙකී නාට්‍ය සම්මාන රැසක් හිමි කරගනු ලැබි ය. එහි දී හොද ම අධ්‍යක්ෂණය , හොදම නළුවා මෙන් ම හොදම රචනයට හිමි සම්මාන ත්‍රිත්වයම දිනා ගනු ලැබූයේ ජයලත් මනොරත්නයන් විසිනි. තව ද හොදම සංගිතය හා හොදම සහාය නළුවා සම්මානය ද මෙකී නාට්‍යයට හිමි විය. මෙකි නාට්‍යය මංගල දර්ශනය පැවතියේ 1988 ඔක්තෝබර් 05 වන දින කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟ හලේ දීය.
කාර්ය සාධන කලාවන් වැඩවසම් යුගය සමඟ බැදී පැවති අන්දම මිනිස් වෙසින් අපට පෙන්වන ප්‍රබලතම ප්‍රකාශනයන් ලෙස මෙරට නර්තන ශිල්පීන් පෙන්වා දිය හැකි ය. ඔවුන්ගේ හැකිනාව අපට ලබා ඳුන් සැබෑ උරුමයන් ය. මෙරට වැඩවසම් සමාජ සංවිධානය මූලික වශයෙන් ම රාජකාරි ක්‍රමය මත පදනම්ව පැවතුණි. එකී කාර්යය වෙනුවෙන් ඔවුන්ට ඉඩම් භුක්තිය හිමි විය. මෙහි ප්‍රතිපලයක් ලෙස මොවුන්ට තම කලා කටයුතු කරගෙන යාමට කාලයක් නොවුණි. වැඩවසම් ක්‍රමය අභිබවමින් ධනවාදය ව්‍යාප්ත වෙත්ම මෙම කලාකරුවෝ අන්දමන්ද වූහ. මෙකී රැල්ලට මුහුණ දිය හැකි පුද්ගලයෝ එකී සමාජ ක්‍රමය සමඟ ගැටෙන්නට වූහ. පාරම්පරික කලාවන් පුනරුත්තාපනය කිරිමේ යටි අරමුණ සහිතව රාජ්‍ය අනුග්‍රහය යටතේ උත්සවශ්‍රීයෙන් කාර්ය සාධන කලාකරුවන්ට සම්මාන පිරිනැමුව ද මෙකි කලාකරුවන් එකී සම්මාන සමඟ තත ගමරට බලා යා නොහැකිව බස් නැවතුම්පොලවල අතරමංවූ අවශ්තා ද ඇත. තමා දැල් වූ ආලෝක ධාරාවෙන්ම ගිනිගෙන දැවී මිය ගිය මෙවන් කලාකරුවෝ අපට අහිමි වුවා නොවේ ද?
අහිංසකව ස්වකිය කලා තාක්ෂණය රැකගත් කලාකරුවන් වර්තමානයේ පත්ව ඇත්තේ නොසන්ඩාල රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ උත්සවවල සංදර්ශන පැවැත්වීමට ය. එයින් තොරව ඔවුන් සතු කලා හැකියාවන් පුහුණු කොට ඔව්න්ට තැනක් දීමට තරම් ඉඩක් සලස්වා නොමැත. අද පාසල්වල උගන්වන නැටුම් ගැයුම් වැයුම්වලින් පෙනෙනුයේ ද මෙකි තත්ත්වයම ය. ඒ අනුව බලන විට බංකොලොත් දේශපාලනඥයන් ඉදිරියේ පාසල් ළමුන් නොනටන නොගයන නොවයන උත්සව මෙහි වත්වා නොතිබුනේ ද?
“තල මල” අපට හඩ ගා කියනුයේ මෙම විපත්තියේ කතාවයි.
තල මල පිපිලා වේදිකා නාට්‍ය මගේ ඇසින්
ජයලත් මනෝරත්නයන්ගේ තල මල පිපිලා වේදිකා නාට්‍ය අර්ධ වාර්තා රංගන ක්‍රමය ආකෘතිය කරගනිමින් කරන ලද්දකි. මෙය මොහුගේ නාට්‍ය තුළ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයකි. ප්‍රධාන චරිත ලෙස මෙහි රංබණ්ඩා ගුරුන්නාන්සේ සහ ඔහුගේ මුණුපුරා (හේතු) යන දෙදෙන පාදක කොට ගනිමින් මෙම නාට්‍ය නිර්මාණය කර තිබේ. මෙහි අනෙකුත් චරිත ලෙස සභාපති ගුණවංශ හේතුගේ මව පියා දෙදෙන දැක්විය හැකි යම්ම්.
මෙහි කතා තේමාව ලෙස නවීන සමාජය නැතහොත් ධනේෂ්වර ක්‍රමයේ පැමිණීමත් සමඟ සාම්ප්‍රධායික ජබ සමාජවල පැවති උරුමයන් සංස්කෘතීන් වෙනස් වූ ආකාරය මෙයින් දක්වා ඇත. මේ සදහා නාට්‍ය තුළ සංකේත ලෙස පාරම්පරික ගුරුන්නානසේ සහ ඔහු නිර්මාණය කරගත් නර්තන කලාව දක්වා ඇත. මෙහිදී රංබණ්ඩා ගුරුන්නාන්සේ සාම්ප්‍රධායික නර්තන කලාව මත පදනම් වූ පැරණි සමාජ ක්‍රමය පිළිඹිඹු කරයි. විශේෂයෙන් මේතුළ සංකේත ලෙස පෞද්ගලික ලක්ෂණයන් දැක්විය හැකි ය. නර්තන කලාව මුදලට නොවිකිණීම, පුතාට නොව මුණුපුරාට නර්තන කලාව ඉගැන්වීම පෙන්වා දිය හැකි ය. මෙහි පුතා සාම්ප්‍රධායික හා ධනවාදය යන සමාජ දෙකෙහිම අතරමැදියෙකු වශයෙන් පෙන්වා දෙයි. මෙනිසා පුතා සමාජ ක්‍රම දෙකක් අතර අතරමං වෙයි. එසේ ම මෙහි පුතා විවාහ වන්නේ ද නගරයේ කාන්තාවක් සමග ය. රංබණ්ඩා ගුරුන්නාන්සේ විසින් ළමුන් ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම යන චරිත ලක්ෂණය මගින් මොහුගේ සාම්ප්‍රධායික ගැමිකම පිළිඹිඹු වේ. විශේෂයෙන් අව්‍යාජ බව, සරල බව වැනි ලක්ෂණ ප්‍රකට වේ. මෙය හේතුට නර්තනය උගන්වන අවශ්තාව තුළින් පෙන්නුම් කෙරේ.
එමෙන් ම මෙහි එන පුතා සහ පුතාගේ බිරිද යන දෙදෙනාගෙන් ම නිරූපණය වන්නේ සාම්ප්‍රධායික හා වාණිජ කාලයේ අතරමැදි කාලයට අයත් වන පරම්පරාවටයි. මෙහි දී ඔවුන් සාම්ප්‍රධායික සමාජය තුළින් ලද අත්දැකීම් හා විකිණෙන සමාජය තුළ සිර වූ පරම්පරාව මෙමගින් නිර්මානය කර ඇත. මෙහි දී සාම්ප්‍රධායික බැරියර් මත සිර වී නූතන සමාජයට අනුගත විය නොහැකි බව පෙන්නුම් කරයි. සභාපති තුළින් නිරූපණය වන්නේ නව සමාජ ක්‍රමය බිහි කිරීමෙහිලා දැකගත හැකි දේශපාලනික වටපිටාව පිළිබදව ය. මෙහි දී සුද්දගෙන් නිරූපණය වන්නේ සමාජ ක්‍රමය සදහා අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම පිළිබදව ය. ගූණවංශ හරහා කතුවරයාගේ දෘෂ්ඨිය නිරූපණය නරනු ලබයි. මෙය ජයලත් මනෝරත්න විසින් නොදන්වන අතර මේ හරහා නාට්‍යයයේ දෘෂ්ඨිය දැක ගත හැකි ය. ඒ අනුව ඔහු වූ කලී ප්‍රගතිශීලී චරිතයක් බව දැක්විය හැකි ය. හේතු වූ කළී නූතන පරම්පරාව නිරූපණය කරනු ලබන චරිතයකි. ඔහු මුණුපුරාගේ චරිගය තුළින් සරලව අර්ථයන් දක්වමින් වත්මන් පරම්පරාව පෙන්වනු ලබයි.
මෝරා තල මල ගොන් වැඩුණා සේ
ආරා තල මල එන අන්දම්
මෙම කවිය නාට්‍යයේ අතරමැද කිහිපවරක් ම දක්නට ලැබ්. මෙහි දී තල මල පිපිලා යනුවෙන් මෙම නාට්‍යයේ දක්වන්නේ තල මලක් පිපුණු පසු ගම්හතක් පාළු වෙනවා යන විශ්වාසය මත පදනම්වය. මෙහි දී්තල මල පිපිලා යන්නෙන් නිරූපණය වන්නේ වාණිජ සමාජය ස්ථාපිත වීම මගින් සියළු සමාජ ලක්ෂණ විපරීත වීම මෙහි දී ඉදිරිපත් කෙරේ. මෙහි දී නාට්‍යයේ අතරමැද හා නාට්‍ය අවසානයේ දී කවියෙන් ඉදිරිපත් කිරීම තුළින් නාට්‍යයේ මූලික අදහස ගම්‍ය වේ. රංබණ්ඩාට සම්මානය ලැබිම මගින් කලාකරුවාට මෙකී සමාජ ක්‍රමය තුළ ඇති වටිනාකම පෙන්වා දෙයි. නමුත් සම්මානය අතට ගත් රංබණ්ඩා පවසන්නේ මේක අනිත් පැත්ත හරවලා පඩික්කමකට හරි ගන්න පුළුවන්නේ යන්නයි. එමෙන් ම පරම්පරා ගණනක් තිස්සේ නාට්‍ය පැවැත් වූ ස්ථානයේ ඇති ගස කැපීම මගින් සාම්ප්‍රධායික සමාජයේ පැවති අක්මුල් බිද දමා නව සමාජයට දොරගුළු විවර කිරීම උදෙසා නූතන පරම්පරාව විසින් දරණ ලද ප්‍රයත්නය පෙන්වා දෙයි.
මෙලස බලන කල තල මල පිපිලා නාට්‍ය සමාජ යතාර්තය පෙන්නුම් කරන කැඩපතක්
ලෙස දැක්විය හැකි ය.
-සදූ-
Good luck..
ReplyDelete