Tuesday, June 11, 2019


       

    සිනහව

    විටෙක කුරිරු වූත්, විටෙක සුහදශීලී වූත් තවත් විටෙක ප්‍රේමණීය වූත් ඒ ඇසිල්ලේම දුක්ඛිත වූත් අපූරු හැගීම් සමුදායක් කියාපෑමට හැකි ආමන්ත්‍රණයකි සිනහව. බොහෝ කතාවල ආරම්භය සිනහව වුවද අවසානය ප්‍රීතිමත්ද යන්න ගැටලුවකි. සිනහවෙන් ආරම්භ වූ කතා සිනහව තුලින්ම අවසන් වනවා දැකීමටද නොහැකි තරමට සමාජය වෙනස් වී හමාරය.. වර්තමානය වන විට ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ මුවගින් සිනහව ගිලිහී ගොස් ඇති බව සනාථන කරුණකි., මෙම වසර තුල නිකුත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රීතිය සම්බන්ධ 2018 වසරට අදාළ  වාර්තාවට අනුව ලොව ප්‍රීතිමත් මිනිසුන් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව 133 වන තැනට පත්ව තිබේ.  සිනහවට මුල් තැන දෙන සිනහවෙන් කල් ගෙවන ජාතියක් ලෙස ලොව පතල සිංහල ජාතිය අදවන විට පත්ව ඇති තැන පිළිබද ඔබත් මමත් සුලුවට නොව මහ ඉහලින් සිතිය යුතු ය.  "සතුට සහ සමාජය " යන මාතෘකාව ඔස්සේ මෙම වසර තුළ එලි දක්වා ඇති මෙම වාර්තාවට අනුව රටවල් 156ක පත්වනු ලැබූ සමීක්ෂණයකින් අනතුරුව මාර්තු මස 23 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රීතිමත් දිනයට සමගාමීව නිකුත කර ඇත. එකී සමීක්ෂණයේ පළමු තැනට පත්ව තිබෙනුයේ පිනලන්තයයි.,
                   ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ ජීවිතයෙන් සතුටත්, මුවගින් සිනහවත් ගිලිහී යාමට තුඩු දුන් හේතු කාරණා අප සැමගේ හේතූන් මිස අන් කිසිවකුගේවත් බලපෑම් නොව. නවතින්නට හෝ සිතා බලන්නට කාලයක් නොමැති බව තවදුරටත් මේ අනුව පසක් වේ..,

1 comment: