Monday, July 29, 2019
Sunday, July 28, 2019
ජීවිතයට ආදරෙන්
නිදහස හම්බුණා කියල
නිල් අහස ලොකුයි කියල
තටු ලැබුණ කියල
පියාබන්න එපා නොදන්න ඉසව්වල
අතරමං වෙන්න පුළුවන්
මොකද..,
මේ සමාජෙ හරි නපුරුයි
-සදූ-
පිල්ලම්
අකුරුනම් හැම තැනම
එක එක විදියට
කිසිම අරුතතක් නැතුව...,
බලාගෙන ඉන්නවා...,
ඔව්., ඒ එයා එනකන්
පිල්ලම්...,
අකුරු හැඩකරන්න
අරුතක් එකතු කරන්න
ඇත්තමයි
ජීවිතෙත් ඒ වගේ
අරුත් සුන් අකුරු මෙන්
හිස් බවක් විතරයි..,
හැඩවෙන්නේත් හැඩිවෙන්නේත්
හරියන්නේත් හැරයන්නේත්
ජීවිතයට එකතු වෙන හා
එන යන අය මතයි..,
-සදූ-
Friday, July 26, 2019
සොබාදහම හා මානව සෞඛ්‍යය
ගහකොළවලින් පිරුණු උද්‍යාන හා හරිත පැහැලත් පරිසරය මනසට ඇසට ප්‍රිය උපදවන දර්ශනයකි.නාගරික පරිසරයක වෙසෙන පුද්ගලයින් පවා හැකි සෑම අවසු්ථාවකම උත්සාහ කරනුයේ හරිත පැහැගත් සථානයක රැදෙන්නට ය. නැතහොත් තම ගෙමිදුල ගහ කොළින් අලංකාරවත් කර ගැනීමට ය. මෙම තත්ත්වය භූමි දර්ශන වේදයේ දී යොදාගනු අපට දැකගත හැකි ය. ලොකු කුඩා, තරුණ මහළු, ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලුම දෙනා තම නිදහස් අවශ්තාව උද්‍යානයක් වැනි ස්ථානයක ගත කිරීමට පෙළඹී සිටී. මෙසේ වන්නේ ඇයි...?
පරිසරය යනු මිනිසාට තම මනස එකලස් කර ගැනීමට මෙන්ම ගතේ විඩාව නිවා ගැනීමට ද උපකාරී වන්නා වූ පොදු වස්තුවකි. සොබා දහම හා මානව සෞඛ්‍යය අතර ඇත්තේ ඖෂධිය ගුණයකි. හරිතවත් පැහැයකින් යුත් ස්ථානයක ජීවත් වීමට හැකි වීම හෝ නොවීම අංශ කිහිපයක් ඔස්සේ මිනිසාට බලපානු ලබයි. එනම්, සමාජීයීය හැසිරීම, මනෝ විද්‍යාත්මක හැසිරීම හා භෞතික සෞඛ්‍යයට ඇති බලපෑම යනුවෙනි. මේ අනුව පෙනෙනුයේ හරිතවත් පරිසරය සෞඛ්‍යයමත් ජීවිතයක් ගත කිරීමට බලපාන බවයි. තනි වූ පුද්ගලයකුගේ මනසට සහනයක් ලබා දෙමින් හිත නිදහස් කර ගැනීමට උදව් කරනුයේ පරිසරයයි. එමෙන් ම උදේ පටන් වැඩ කරන මිනිසාට ගතට සිසිලසක් මෙන්ම හිතට හයියක් ලබා දෙනුයේ ද පරිසරයයි. මේ ආකාරයට බලන කල පරිසරය වූ කලී මානවයාගේ සෞඛ්‍යයට ප්‍රබලතම දායකත්වයක් සපයන්නා වූ වස්තුවකි. පරිසරය හා මිනිසා අතර සබැදියාව අද ඊයෙක වූවක් නොව ඈත අතීතයේ පටන්ම මිනිසා පරිසරය හා ගනුදෙනු කරනු ලැබූයේ හිතවතකු සමග මෙනි.
මේ සා හිතවක්මක් ලබැදියාවක් දක්වන පරිසරය නැතහොත් සොබාදහම මානව සෞඛ්‍යයට වැදගත් වන්නා වූ සාධකයකි. තාක්ෂණයේ දියුණුව පැවතිය ද තාක්ෂණය මගින් කළ නොහැකි බොහෝ ලෙඩ රෝගවලට බෙහෙත් සොබාදහම ඇසුරු කිරීමෙන් මිනිසා ලබා ගත්තේ ය. ආදි මිනිසා ෂතුව වත්මනේ මෙන් දියුණූ තාක්ෂණික ක්‍රමවේදයන් නොතිබුන ද අද මෙන් ලෙඩ රෝගත් එකළ නොවී ය. පැවතියද එකී රෝගයනට බෙහෙත් ශවුන් සොයාගනු ලැබුයේ පරිසරය තුළිනි. ඔවුන්ගේ වෛද්‍යවරයා වූයේ සොබාදහමයි. එමෙන්ම පරිසරය හා තම ජීවිතය රැගෙන ගිය ආදි මිනිසා සතුව අද මෙන් ලෙඩ රෝගද නොතිබුණි. ඔවුන් ෂතුව ගුණාත්මක වූත් රසවත් වූත් පෝෂ්‍යයදායී ආහාර රටාවක් පැවතුණි. එය ඔවුන්ගේ සිරුරේ ශක්තිය රදා පැවැත්මටත්, නිරෝගී ජීවිතයක් ගෙන යාමටත් උපකාරී විය. නමුදු වත්මනේ මෙම ත්ත්වය බොහෝ සෙයින් වෙනස් වී පවතින බව ඔබ අප සියල්ලන්ම දන්නා කරුණකි. වත්මන් මිනිසා පුරුදුව සිටිනුයේ කාර්යය බහුල ජීවිතයකට ය. මුදල්ම තම අරමුණ කරගෙන සිටින මිනිසාට තම සෞඛ්‍යය ගැනවත් සිතීමට ඉඩක් නොමැත. ඔවුන්ගේ ජීවිතය අද තාක්ෂණය හා යන්ත්‍ර මත පදනම් වී ඇත. ඔවුන්ට ජීවිතයේ නිදහස අහිමි වී ඇත. මෙම තත්ත්වයන් මත වත්මන වන විට හදුනා ගැනීමට නොහැක් රෝගයන්ට පවා මිනිසාට මුහුණ දීමට සිදුව තිබේ. ආදි මිනිසා සතුව දීර්ඝ කාලීන ආයුෂක් පැවති අතර අද වන විට එම තත්ත්වය බොහෝ සෙයින් ගිලිහී ඇත. එමෙන්ම වත්මන් මිනිසාට පරිසරයෙන් ලබා ගැනීමට අවැසි දේ පවා ලබා ගැනීමට අමතකව ඇත. ඔවුන් අද පරිසරයට ආදරය කරනු වෙනුවට කරනු ලබනුයේ පරිසරය විනාශ කිරීම ය. එනම් තමාගේ විනාශය ලගා කර ගැනීම ය.
මෙසේ බලන කළ සොබාදහම හා මානව සෞඛ්‍යය එකිනෙකට බැදී පවතින පුරුක් දෙකක් ලෙස දැක්විය හැකි ය.මිනිසාට වින කරන්නා වූ ලෙඩ රෝගයනට පරිසරය මූලිකම හේතුව වන අතර එම රෝගයනට වෛද්‍යවරයා වන්නේ ද පරිසරය යි. නමුදු මෙම රෝගයනට පදනම දමනු ලබන්නේ ද මිනිසා විසින් බව සදහන් කළ යුතු ය.
පාරිසරික ගැටලු සෞඛ්‍යය ක්‍ෂේත්‍රයට බලපාන අයුරු
ගෙවීගිය ශත වර්ෂය මානවයා ප්‍රමානාත්මකව වැඩිම තාක්ෂණික දියුණවක් ලබාගත් අවධිය ලෙස සැලකීම වැරදි නොවේ. නමුදු මෙම කාල සීමාව පරිසරයට වැඩිම අනර්ථයක් කළ කාල සීමාව ලෙස හැදින්වීම ද වැරදි නොවේ. සොබාදහමේ සම්පත් ඉතාමත් කෑදරව ගිලගත් මිනිසා තමාගේ ගැන සිතුවා මිස ඉදිරියේදී තමාට මෙන් ම අනාගත සමාජයට වන්නා වූ තත්ත්වය ගැන නොසිතුවේ ය. ගෝලීය පරිසරයේ වෙනස් වීමත් සමඟ ම පසුගිය කාලය තුළ ලාංකීය පරිසරයේ බොහෝ ගැටලු ඇතිවන්නට විය. පාරිසරික විපර්යයාසයන් හේතුවෙන් මිනිසාගේ සෞඛ්‍යයට එල්ල කරමින් පවතින බලපෑම් සම්බන්ධව අද බොහෝ දෙනා කතා කරති. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැතිරෙන වසංගත රෝග තත්ත්වයන් හා බෝ නොවන රෝග තත්ත්වයන් පිළිබද කතා කරන අතර මෙයට ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ ද පාරිසරික විපර්යයාසයන් ය. නමුදු මෙම තත්ත්වය පාරිසරික ගැටලු නිසා වන්නක් යැයි පවසමින් නිහඩ වීම යුතු ද යන්න විමසා බැලිය යුතු ය. නැත මෙම තත්ත්වයනට වග කිව යුත්තන් වන්නේ ද අපම ය. මෙය අප විසින් ලෙඩ රෝගයනට අත වනා ගෙන්වා ගැනීමක් වැන්න.
පරිසරයේ සිදු වන්නා වූ ගැටලු සහගත තත්ත්වයන් සෘජුවම බලපානු ලබනුයේ සෞඛ්‍යය ක්‍ෂේත්‍රයට ය. 2012 වර්ෂයේ දී පමණක් පාරිසරික බලපෑම් නිසා ඇති වූ සෘජු හා වක්‍ර ප්‍රතිඵල හේතුවෙන් ඇත් වූ මරණ සංඛ්‍යාව මිලියන 5 ක් පමණ වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසා ඇත. මෙම තත්ත්වය ලංකාව තුළ ද සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින්නකි. මෑත කාලයේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රබල සෞඛ්‍යය ප්‍රශ්නයක් ලෙස ඩෙංගු රෝගය හිස ඔසවා ඇති අයුරු දැක ගත හැකි ය. මෙයට ප්‍රධානතම හේතුව පරිසර දූෂණය යි. දේශගුණික වෙනස්වීම් රෝග කාරක මදුරුවන්ගේ බෝවීම වැලැක්වීමටත් ව්‍යාප්ත කිරීමටත් ප්‍රමුඛව බලපානු ලබයි. ලංකාවේ මුල් කාලීනව ඩෙංරැු රෝගයට අතිශය බිය වූ මිනිසා වත්මන වන විට එය සාමාන්‍යය රෝගයක් බවට සැලකීමට පුරුදුව සිටිති. ඩෙංගු රෝගය සහ මැලේරියාව යන රෝග කාරකයන් ලංකාවට ගෙන්වා ගත් රෝග කාරකයන් දෙකකි. මෙකී තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපානු ලබනුයේ පරිසර දූෂණයයි. එනම් පොලිතීන් ප්ලාස්ටික් භාවිතයට හුරු වී සිටින වත්මන් ලාංකිකයා ඒවා බැහැර කිරීමේ දී කිසිදු සැලකිලිමත්භාවයක් නොදක්වයි. පරිසරයට සෘජුවම කිසිදු පැකිලීමකින් තොරව නොදිරන ද්‍රව්‍යය එක් කිරීමෙන් පාරිසරික වශයෙන් ගැටලු රාශියක් පැන නගී. මෙකී තත්ත්වය රෝග කාරකයන් ට තම ව්‍යාප්තියට අනගි වූ අවශ්තාවන් ය.
එපමණක් නොව ජල දූෂණය ද වත්මන් ලංකාවේ ප්‍රමුඛතම පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. ජල දූෂණය දීර්ඝ කාලීනව මානව සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කරයි. මේ වන විට ලංකාව තුළ භාවිතයට සුදුසු ජලය ඇත්තේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. අධික රසායනික පොහොර භවිතය, කර්මාන්තශාලාවල අපද්‍රව්‍යය බැහැර කිරීම ජල දූෂණයට ප්‍රධානතම හේතු සාධක වේ. මෙම තත්ත්වයන් මත ඇති වී ඇති ලෙඩ රෝග අතර වකුගඩු රෝගය ප්‍රමුඛ වී ඇත. පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබුණු රජරට වකුගඩු රෝගය මෙයට කදිම නිදසුනකි. විවිධ හේතූන් මත වකුගඩු රෝගය ඇති වුව ද රජරට වකුගඩු රෝගය හට ගත්තේ ඊට හාත්පසින් ම වෙනස් වූ තත්ත්වයක් මත ය. එනම් පරිසර දූෂණය යි. පරිසර දූෂණය සදහා විවිධ හේතු බලපාන අතර අප අධි භාවිතයෙන් යොදා ගන්නා රසායනික ද්‍රව්‍යය හේතුවෙන් ද පරිසර දූෂණය සිදු වේ. කෘෂි කර්මාන්තයේ දී වල් නාශක හා කෘමි නාශක ලෙස හා පොහොර ලෙස ආකාර කිහිපයකින් ම රසායනික ද්‍රව්‍යය අධික ලෙෂ භාවිතයට ගනී. මුදල් පමණක් පදනම් කරගෙන වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් අහිංසක ගොවීන්ට ලබා දුන් මෙම කෘමි නාශක හේතුවෙන් එම ගොවි බිම් ආශ්‍රිත ප්‍රදේශයන්හි ජල පෝෂක දැඩි ලෙස දූෂණයට ලක් විය. මෙකී තත්ත්වය මත රජරට වකුගඩු රෝගය එක්වරම හිස ඔසවන්නට වූයේ කිසිවකුගේ වරදින් නොව මිනිසාග්ම නොසැලකිලිමත්භාවය හේතුවෙනි. රටට බත සපයන ගොවීන්ගෙන් වැඩි පිරිසක් අද සිටිනුයේ රෝගී තත්ත්වයේ ය. මොවුන්ට අවැසි වනුයේ පිරිසිදු පානීය ජලය යි. මොවුනගේ එම අවශ්‍යතාවය සපුරා දී අධික ලෙස භාවිතා කරන රසායනික ද්‍රව්‍යය නැති කිරීමෙන් මෙකී රෝගී තත්ත්වය ඉදිරියේ දී හෝ නවතා දැමීම ට හැකි ය. මෙකී දරුණු තත්ත්වයට බලපෑ මූලික හේතුව වූයේ ද පාරිසරික ගැටලු ය.
වකුගඩු රෝගයට දෙවැනි නොවූ තවත් රෝගයකි පිළිකාව. මෙකී රෝග කාරකය ද වත්මන් ලංකාවඅරක්ගෙන ඇති කවත් එක් පිළිලයකි. බටහිර රටවල් මෙකී පිළිකා රෝගය වලක්වා ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටී. ඒ මෙම රෝගයට පදනම කුමක් ද යන්න ඔවුන් හදුනාගෙන ඇති බැවිනි. එනම් පරිසරය දූෂණය වීම මෙකී රෝගයට සාධකය යි. අප ජීවත් වන මහ පොළවේ සිට ගන්නා හුස්ම පොද දක්වාම සියල්ල දූෂණය වී හමාරය. මෙකී තත්ත්වය පිළිකා රෝගය ඇති වීමට ප්‍රබලතම දායකත්වයක් සපයයි. මීට වගකිව යුත්තන් වනුයේ ද අපමය. මිනිසාගේ අවිධිමත් ක්‍රියා කලාපයන් නිසා මෙවන් තත්ත්වයන් ඇති වේ.
බෝවන රෝග මතු වීම හා එහි ව්‍යාප්තියන් කෙරේ ද බලපානු ලබනුයේ පරිසර දූෂණය යි. පරිසරයේ සිදුවන ක්‍රියාකාරකම් රෝග වාහකයන්ට තම කර්තව්‍යය කර ගැනීම ට පහසුවකි. මේ ආකාරයට බලන කල පාරිසරික ගැටලු හා සෞඛ්‍යය ක්‍ෂේත්‍රය අතර ලවතින්නා වූ සබැදියාව එකිනෙකට වෙන් කල නොහැකි වූ සබැදියාවකි. මෙය එ කදිගට ගලා යන්නා වූ චක්‍රයක් යැයි පැවසීම නිවැරදි ය. මන්දයත් මිනිසා විසින් පරිසරය දූෂණය කරන අතර ඉන් ස්වභාවික ආපදා ඇති වේ. මෙම තත්ත්වයන් මත ඇති වන්නා වූ ලෙඩ රෝගයන් ද ආපසු පෙරළා ලැබෙනුයේ මිනිසාටම ය. මේ අනුව අපට වැටහෙන ප්‍රධානතම දේ වනුයේ පරිසරයේ සිදුවන සියලුම ක්‍රියා කලාපයන් හි ප්‍රතිඵලය මිනිසාට අත්වන බවත් පාරිසරික ගැටලු හා සෞඛ්‍යය ක්‍ෂේත්‍රය එකිනෙකට බැදී පවතින බවත් ය.
වත්මන් ලාංකිකයාට පැවරී ඇති අභියෝග
හෙට දිනට පිය නගන අනාගත ලෝකයට ශ්‍රී ලංකාව යන නාමය පමණක් ඉතිරි නොකොට ලක් මාතාව දායාද කිරීම වත්මන් ලාංකිකයාට පවතින ප්‍රධානතම අභියෝගයකි. මෙහිදී පරිසරය සුරැකීම ප්‍රබලම ස්ථානයක් ගනී. මන්දයත් මින්සාගේ පැවැත්ම රදා පවතින ප්‍රධානතම සාධකයක් වනුයේ පරිසරය බැවිනි. එනම් පැවැත්ම පිළිබද අභියෝගයක් මේවන විට ලාංකිකයාට නිතැතින් ම උරුමව ඇත. ලාංකිකයා දැනට ගමන් කරනා මාවතේ අවසානය වැඩි ඈතක නොවේ. තම අවසානයට වගකිව යුත්තේ පරිසරය ද..? නැත. මිනිසාම ය. තම පැවැත්ම ද අඩාල කර ගැනීමට තරම් මිනිසා පෙළඹුනේ එහුගේ නොමනා ක්‍රියා පටිපාටිය නිසාවෙනි. මෙය වෙනස් කළ හැක්කේ ද ඔහුටම ය. මිනිසා තවමත් පරක්කු නැත. තම පැවැත්ම දිගු කාලයක් රදවා ගැනීමටනම් කළ යුතු ක්‍රියා මාර්ගයයන් බොහෝය.
පරිසර විනෘශයේ ප්‍රති විපාක අනන්තව දැක්විය හැකි ය. රටක ස්ථීර පුරවැසියකුනම් ඔහුට හෝ ඇයයට එම රටේ පරිසරය සුරැකීමට කොන්දේසි විරහිත වගකීමක් පවතී. එහෙත් මානය උසස් කරගෙන සිටින මිනිසා එයට ලැජ්ජා වෙයි. පරිසරය සුරැකීමට වගකීම්පාරගෙන සිටින ඇතැම් පිරිස් විසින්ම පරිසරය විනාශ කරයි. තමා ගැන පමණක් සිතන සමාජයක සිටින අපට අනාගතයට ඉතිරි කිරීමට යමක් නොමැත. හිසට සෙවනක්, ගතට සිසිලසක්, ඇසට සුන්දරත්වයක් ලබාදෙන තුරුලතා එක පිට එක කපා දැමීමට පෙර ආදි මිනිසානම් කිහිපවරක් ම සිතා බැලීය. නමුත් වත්මනේ එසේ වන්නේ ද යන්න සොයා බැලිය යුතු ය. එපමණක් ද නොව පරිසරයට එක් කරන අපද්‍රව්‍යය සීමා කර ගැනීම අපට කළ නොහැකි නොවේ. පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අවම කර ඒ වෙනුවට විකල්ප ක්‍රම භාවිතා කිරීම කළ හැකි ය. මිහිමත ජීවී පැවැත්ම උදෙසා මිහි මවගේ සෞඛ්‍යය ආරක්ෂා කළ යුතු ය. මිනිසා තම පැවැත්ම ශිෂ්ඨසම්පන්න ලෙස ගෙන යන්නේනම් පරිසරය රැකීම නිතැතින්ම සිදු වේ. එපමණක්ද නොව රටක නීති පද්ධතිය ස්ථීරවම නිසියාකාරව ඉටු වන්නේනම් රටක පැවැත්ම ද ස්ථීර වන්නේ ය. දියුණුව කරා මිනිසා යා යුතු ය. නමුත් එම දියුණුව තවෙකක විනාශය මතින් යා නොහැක.කරන්නා වූ විශාල ප්‍රමාණයේ ව්‍යාපෘතීන් සිදු කිරීමට මත්තෙන් එය කළ හැකිද, එමගින් සිදුවන අතුරු ප්‍රතිඵල හා ඒවාට විසදුම් සපයා ගැනීම කිරීම අනිවාර්යය වූවකි. යම් ආකාරයක හෝ මැදිහත් වීමක් සිදු කිරීමට අවැසිනම් එයට විකල්ප ක්‍රම සොයා ගත යුතු ය.
යහපත් සෞඛ්‍යයක් පවත්වා ගෙන නිදහස් ජීවිතයක් ගත කිරීමටනම් මිනිසාට යහපත් වූ පාරිසරික වටපිටාවක් අවශ්‍යය වේ. මෙහිදී මිනිසා සතුව ආර්ථික සමාජ සන්දර්භය වෙනස් කිරීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වේ. ආදි මිනිසා තම ආර්ථිකය පවතිවා ගනු ලැබුවේ තමා අවට පරිසරය තුළිනි. නමුදු බටහිරකරණයට යොමුව සිටින වත්මන් මිනිසා අදවන විට කෘෂිකාර්මික රටක් වන ලංකාවට සහල් පවා පිටරටින් ගෙන්වීමට යොමුව ඇත. මෙරට නිෂ්පාදනය කරන්නා වූ සියලුම ආර්ථික බෝගවලට පිටරටින් ගෙන්වනු ලබන කෘමිනාශක එක් කිරීමට මිනිසා පුරුදුව සිටී. එය පරිසර දූෂණයනට පමණක් නොව රටට ලෙඩ රෝගද ලෙන්වා ගැනීමකි. රටේ ආර්ථික ක්‍රමය වෙනස්විය යුතුය. මෙරට නිෂ්පාදනවලට වැඩි අගයක් ලබාදිය යුතු ය. විකල්ප ආර්ථික ක්‍රම ඇති කළ යුතු ය. එපමණක් ද නොව එම සෑම ක්‍රියාවක්ම සැලසුම් සහගත විය යුතු ය. රටේ ආර්ථිකය එම රටේ අනාගතයට බොහෝ සෙයින් බලපාන්නා වූ කාරණයකි.
මෙසේ බලන කළ වත්මන් ලාංකිකයා අභිමුව පවතින යුතුකම් වගකීම් බොහෝ ය. සමාජ, ආර්ථික, සෞඛ්‍යය, දේශපාලනික වශයෙන් ආදී කවර අංශයකින් ගෙන බැලුව ද මෙම සෑම අංශයක් කෙරේම බලපා තිබෙනුයේ සොබාදහමේ සිදුවන විපර්යයාසයන් ය. මෙම විපර්යාසයන් නැතහොත් ස්වභාවික ආපදා මිනිසාගේ නිර්මාණයකි. එනම් මෙයට වගකිව යුත්තා වනුයේ ද මිනිසාම ය. රටක පැවැත්ම සහ ජීවීන්ගේ පැවැත්ම රදා පවතින ප්‍රධානතම සාධකය වන්නේ එම රටේ පරිසරය යි. පරිසරය රැකීම එක් අයකුගේ වගකීමක් නොව සියල්ලනල්ගේම යුතුකමකි. අනාගත පරපුරට එම වස්තුව දායාද කිරීම ලාංකිකයන් වූ අප සැමගේ ම ප්‍රධනතම අභියෝලයක් බව මෙහිලා සදහන් කළ යුතුම ය.
ගෝලීය ත්‍රස්තවාදය හැරුණුකොට ලෝකය වැඩියෙන් ම සංවාද පවත්වනුයේ පරිසරය ගැන ය. පාරිසරික විනාශය ගැනය. මෙය ලොව අංක එකේ ගැටලුවක් බවට පත්ව තිබේ. ලෝකයේම අවධානයට පත්ව ඇති සුන්දර රටක් වන ලංකාව ද මෙම තත්ත්වයට ගොදුරු වෙමින් සිටිනා රටකි. ඒ බැව් මවිසින් සකස් කරන ලද මෙම නිබන්ධනයෙහි අන්තර්ගතය ඔස්සේ මොනවට කියාපායි.තිරසාර හෙවත් ධරණීය සංවර්ධනයක් සාක්ෂාත් වන්නේ පරිසරය හා ආර්ථිකය සමබර වුවහොත් පමණි. අප රටෙහි පවතින පරිසර අර්බුද ඉන් ඇතිවන රෝගාබාධ ජන පීඩාවන් ස්වභාවික විපත් ආදිය පිළිබද විමසන කළ කිසිදු අයුරක තිරසාර බවක් ඇතැයි විශ්වාස කළ නොහැක. ඒ සමඟම පරිසරය හා මිනිසා විරසකව තිබේ. වනාන්තරය වූ කළී තම පැවැත්ම ඉල්ලුම් කරන්නා වූ ද ජීව ක්‍රියාවලියේදී තම පැවැත්ම සාක්ෂාත් කරන්නා වූද අසීමිත දයානුකම්පායෙන් හා පරිත්‍යාගශීලීත්වයෙන් යුත් අපූරු ජීවියෙකි. මෙසේ හෙයින් ජීවිතයට උපකාර කරන වනාන්තරය ප්‍රති උපකාර කිරීම මිනිසාගේ කෘත ගුණ සැලකීමකි. නමුදු වන්නේ එයට විරුද්ධ වූ දෙයය. මෙම හේතුව නිසාම වන්නේ පරිසරය පෙරළා මිනිසාට දඩුවම් ලබා දිම ය. ස්වභාවික විපත් මගින් කියා දෙනුයේ එම පාඩම ය.
“ගසක් වැඩෙන්නේ යම් සේද ඊට අනුරූපව රටක සංවර්ධනය මිනිය හැක.” යනුවෙන් ජවහල්ලාල් නේරු තුමා කරන ලද ප්‍රකාශය සත්‍යය ය. වැඩෙන ගස රටක සංවර්ධනය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. මින් අපට එළඹිය හැකි නිගමනය මෙය යි. “දරුවන් නොලද ජනයාට බලාපොරොත්තු රහිත අනාගතයක් ඇත්තා සේම තුරු ලතාවන්ගෙන් තොර රටක් නිෂ්ඵල බවක් උසුලයි. ” ජව ශක්තියෙන් රටක් දියුණුව හා සංවර්ධනය කරා ළගා වුව ද එය සම්පූර්ණ වූ දියුණුවක් සංවර්ධනයක් නොවන බව සැබෑ ය. රටක සංවර්ධනයට එම රටේ පරිසරය බලපානු ලබයි. මෙම සියලු අදහස් තුලින් නිගමනය වනුයේ පරිසරයෙන් තොර ජීවයක් නැති බවයි. එහෙයින් මෙය මින් මතුවට සුරක්ෂිත නොකළහොත් මේ මිහිමඩල ජීවීන්ට අහිමිවන දිනය වැඩි ඈතක නැත.
-සදූ-
Wednesday, July 24, 2019
ශ්‍රී ලාංකීය රූපවාහිනිය
හැදින්වීම
ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ සෑම රටකටම පාහේ මාධ්‍ය යනු අනිවාර්යය වූ අංගයකි. කාලයක් පුරාවට විකාශනය වෙමින් පැමිණි ජන මාධ්‍යයන් වත්මන වන විට දියුණුවේ හිනිපෙත්තටම පැමින ඇත. මානවයා උපතේ සිටම සන්නිවේදනය හා බැදී සිටින සත්ත්වයෙකි. එකී සන්නිවේදනය මානව ඉතිහාසයේ වර්ධනයත් සමඟ ක්‍රමයෙන් දියුණූ වෙමින් අද වන විට ඉතාමත් දියුණූ සන්නිවේදනයකට උරුමකම් කියනු ලබයි.
තාක්ෂණික සොයා ගැනීම්වල ඉදිරි පිම්මක් ලෙස වර්තමානය වන විට සන්නිවේදනය ප්‍රබල සමාජ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මෙහි දී මෙම තත්ත්වයට එන ගමන් මඟ තුළ බාධක හමු වුව ද එම තත්ත්වයන් සන්නිවේදනයේ අවසාන ප්‍රතිඵලය දක්වා වන අද තත්ත්වය දක්වාම ගෙනවිත් ඇත. මෙලෙස විකාශනය වූ මාධ්‍යයන් අතරින් ගුවන් විදුලිය හා රූපවාහිනියට ලැබෙනුයේ ප්‍රමුඛස්ථානයකි. ඉනුත් ශ්‍රව්‍යය දෘශ්‍යය මාධ්‍යයක් වන රූපවාහිනිය ජනතාව අතර අද වඩාත් ජනප්‍රිය මාධ්‍යය ලෙස පෙන්වා දිය හැකි ය.
උද වන විට රූපවාහිනී මාධ්‍යය ලබා ඇති දියුණුව සුවිශාල වූවකි. රජයේ මෙන්ම පෞද්ගලික වශයෙන් ද පවතින රූපවාහිනී නාලිකා ජනතාවට හොදම දේ ලබා දීමට නිතරම ප්‍රයත්න දරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රූපවාහිනී මාධ්‍යය තුළ ප්‍රවනතාවයන් රාශියක් දැක ගත පවතී.නමුදු අද වන විට මාධ්‍යයන් සතු නව ප්‍රවනතාවයන් පිළිබදව සාකච්ජා කරනු දැකිය නොහැකි ය.
මාගේ මේ ප්‍රයත්නය රූපවාහිනී මාධ්‍යය පිළිබදව හදාරන සිසුන්ට හා ඒ පිළිබදව උනන්දුවක් දක්වන පාඨක පිරිස වෙනුවෙන් වර්තමානයේ රූපවාහිනී ක්‍ෂේත්‍රය තුළ පවතින්නා වූ ප්‍රවනතාවයන් පිළිබදව සම්පින්ඩනය කරන ලද කරුණු ඉදිරිපත් කිරීමට ය. මෙම ග්‍රන්ථය මාගේ ඒ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය යි.
ලාංකේය ජන මාධ්‍ය
ජන මාධ්‍යය යනුවෙන් හදුන්වන්නේ දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් සිදුවන සියලු තොරතුරු පිළිබදව සාමාන්‍යය මිනිසාට නොහොත් පොදු මිනිසාට දැනගත හැකි ප්‍රධානතම ක්‍රමය යි. වර්තමානය වන විට මිනිසාගේ ආශාවන් සිතුම් පැතුම් ඉටු කරනවා පමණක් නොව ඔවුන්ගේ ප්‍රශ්න ගැටලුවලට විසදුම් ලබාදෙන ප්‍රධානතම සාධකයක් බවට ජන මාධ්‍යය පත්ව හමාරය. ජන මාධ්‍යය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතය. එනම් මුද්‍රිත මාධ්‍යය (ඡරසබඑ ඵැාස්) හා විද්‍යුත් මාධ්‍යය (ෑකැජඑරදබසජ ඵැාස්) ලෙස යි. පුවත්පත්, සඟරා, අත් පත්‍රිකා ආදිය මුද්‍රිත මාධ්‍ය්‍ය වන අතර ගුවන් විදුලිය, රූපවාහිනිය විද්‍යුත් මාධ්‍යය අතර ප්‍රධාන තැනක් ගනී.
මුද්‍රිත මාධ්‍යයේ විශේෂතා
1ග කියවා අවබෝධ කර ගත යුතු මාධ්‍යයක් වීම
2ග ක්ෂණිකව තොරතුරු ලබ ාදිය නොහැකි වීම
3ග සාක්ෂරතාවය අවශ්‍යය වීම
4ග සාපේක්ෂ වශයෙන් නිශ්ක්‍රීය මාධ්‍යයක් වීම
5ග අභිමතය පරිදි භාවිත කළ හැකි වීම
6ග සංකීර්ණ අදහස් ඉදිරිපත් කළ හැකි වීම
7ග එකම පණිවුඩයේ පිටපත් ගණනාවක් ලබා ගත හැකි වීම
විද්‍යුත් මාධ්‍යයේ විශේෂතා
1ග සාක්ෂරතාවය අත්‍යාවශ්‍යය නොවීම
2ග සජීවී ලෙස භාවිත කළ හැකි වීම
3ග සංකීර්ණ අදහස් ඉදිරිපත් කළ නොහැකි වීම
4ග ස්ෂණිකව තොරතුරු සම්පාදනය කළ හැකි වීම
5ග වේගවත්ව පණිවුඩ ව්‍යාප්ත කළ හැකි වීම
6ග ශ්‍රව්‍යය දෘෂ්‍යය වීම
ශ්‍රී ලංකාවේ මද්‍රිත මාධ්‍යයේ ආරම්භය සනිටුහන් කරන ලද්දේ ක්‍රි.ව 1737 දීය. ඒ ඕලන්ද ජාතිකයින් විසින් ගාල්ලේ පිහිටුවන ලද මුද්‍රණාලයකිනි. මෙසේ ආරම්භ වූ මුද්‍රණ ශිල්පය ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ලෙසින් 1802 මාර්තු 16 වෙනිදා රජයේ ගැසට් පත්‍රය නිකුත් කරන ලදී. මෙසේ ආරම්භ වූ පුවත්පත් ක්‍ෂේත්‍රයේ සිංහල පුවත්පතක් ආරම්භ වූයේ 19 වෙනි සියවසේදී ය. ඒ ලංකා ලෝක පුවත්පතෙනි. එතැන් පටන් පුවත්පත් මාධ්‍යය අද වන තෙක්ම ජනතා මාධ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වේ. අනතුරුව මෙරට ජනතාව අතර ගුවන් විදුලිය 1922 ලංකා වයර්ලස් සංගමය පිහිටුවීම තුලින් සිදු විය. ලංකාවේ ගුවන් විදුලියේ ප්‍රචාරය කෙදිනක ඇරබුනා ද යන්න නිශ්චිතව කිව නොහැකි බව ගුවන් විදුලියේ පුරෝගාමී චරිතයක් වූ ඩී.එම් කොළඹගේ මහතා “ගුවන්විදුලි වංශය කෘතියේ ” සදහන් කර ඇත. ට්‍රාන්ස්මීටර ඔස්සේ පණිවුඩ ප්‍රචාරය කළ ද නිළ වශයෙන් ගුවන්විදුපි ප්‍රචාරක කටයුතු ඇරබුනේ 1926 නොවැම්බර් 29 වෙනිදා ය. මෙසේ බිහි වූ ගුවන් විදුලිය ජනතාව අතර ඉතාමත් ඉක්මනින් ව්‍යාප්ත වූ මාධ්‍යයක් ලෙස දැක්විය හැකි ය. අනතුරුව රූපවාහිනියේ ආගමනයත් සමඟ එය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වූයේ ශ්‍රව්‍ය දෘෂ්‍යය මාධ්‍යයක් වූ නිසා ය. 1979 අප්‍රේල් 14 වෙනි දින මෙරට මුල්ම රූපවාහිනී සේවය ලෙස ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ විය. අනතුරුව බිහි වූ නව මාධ්‍යය අද වන විට මුල් බැසගෙන තිබෙනුයේ මුල් කාලීනව පැවති මාධ්‍යයන්හට අභියෝග කරමින් මෙනි.
මෙසේ බලන කල නව මාධ්‍යය වන අන්තර්ජාලයට ප්‍රමුඛ ස්ථායක් හිමිව ඇත. මන්දයත් අද වන විට ලාංකීය සමාජය හුරු වී සිටිනුයේ මෙම නව මාධ්‍යය හා එක්ව ගමන් කිරීමට ය. තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇති වූ මෙම නව මාධ්‍යය ඔස්සේ තම සියලු වැඩ කටයුතු කර ගැනීම ට ලාංකිකයා පෙළබී සිටී. මෙලෙස ලාංකීය සමාජය තුළ මුද්‍රිණ ශිල්පයෙන් ඇරබී ජන මාධ්‍යය අද වන විට නව මාධ්‍යය භාවිතය දක්වා වර්ධනය වී ඇති අයුරු දැක ගත හැකි ය.
රූපවාහිනී තාක්‍ෂණයේ ලාංකීය ආගමනය
1965 වසරේ දී ඉන්දියාව විසින් රූපවාහිනී තාක්‍ෂනය හදුන්වා දීමට කටයුතු කිරීම අසල්වැසි රට වූ ශ්‍රී ලංකාවට ද යම් බලපෑමක් කිරීමට සමත් විය. මෙරටට රූපවාහිනී ක්‍ෂේත්‍රයක් පබා ගැනීමට ප්‍රබලම දායකත්වයක් දෙනු ලැබුයේ එවකට රාජ්‍යය අමාත්‍යාංශ ලේඛම්වරයා ලෙස කටයුතු කළ ආනන්ද තිස්ස ද අල්විස් මහතා ය. මොහු විසින් 1982 ජනවාරි මස 05 වෙනි දින ශ්‍රී ලංකා රූපවාහිනී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ය.
ප්‍රථම වරට මෙරටට රූපවාහිනී ක්‍ෂේත්‍රයක් හදුන්වා දෙනු ලැබූයේ ජේ.ඊ අමරතුංග සහ අයිවර්.ඩී ලෙමර්සියර් නැමති ලාංකිකයින් දෙදෙනා විසිනි. මොවුන් දෙදෙනා විසින් ඉතාමත් සාර්තක රූපවාහිනී සම්ප්‍රේෂණයක් 1972 ජුනි මාසයේ දී මෙරටට හදුන්වා දුන් බව වාර්තා වේ. මොවුන් විසින් සැතපුම් fැකකට ආසන්න ප්‍රදේශයක් තුළ පැයක පමණ කාලයක් සිය විකාශනය මෙහෙයවා ඇත. එමෙන් ම 1975 අගෝස්තු 11 වැනි දින ආතර්.සී ක්ලාක් මහතා විසින් ඔහුගේ නිවසේ රූපවාහිනී ගා්‍රහක තැටියක් හා ගාහ්‍රක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනු ලැබී ය. මෙය අධ්‍යාපන ඉතිහාසයේ කැපී පෙනෙන අවශ්ථාවකි. 1976 අගෝස්තු මාසයේ මෙරට පැවති නොබැදි ජාතීන්ගේ සමුළුව පුළුල් තිරයේ මහ ජනතාවට දැක බලා ගැනීමට හැකිවන අයුරින් ස්ථාපිත කරන බව පැවසුවද එය ද සිදු නොවී ය.කෙසේ වුවත් ලංකාව තුළ රූපවාහිනී නොතිබූ කාලයක මෙම වැඩසටහන විනාඩී 45 ට සංස්කරණය කර 1976 දෙසැම්බර් 25-26 දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේ ප්‍රදර්ශනය කරනු ලැබී ය. නව ජවරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසන් වීමත් දේශපාලන අර්බුද රට තුළ ක්‍රියාත්මක වීමත් සමඟ 1977 මුල් භාගය තුළ රූපවාහිනිය වැනි න මාධ්‍යයක් රට තුළට රැගෙන ඒමට පැවති වුවමනාව යටපත් කෙරිණි.
කෙසේ හෝ නව රජයේ අග්‍රාමාත්‍ය වූ ජයවර්ධනයන් ධූරයට පත්ව තෙමසක් යාමටත් මත්තෙන් ශ්‍රී ලජකාව තුළ වර්ණ රූපවාහිනී මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සදහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීම ට විශේෂ කණ්ඩායමක් පැමිණියහ. මොවුන් විසින් මෙරට ඉංජිනේරු ශිෂ්‍යයන්ට රූපවාහිනී තාක්‍ෂණ පුහුණුව ලබා දීමේ මධ්‍යයස්ථානයන් ආදිය පිළිබදව පෙන්වාදෙනු ලැබීය. ඔවුන්ගෙන් පසුව නැවතත් තවත් ජපානයෙන් කණ්ඩායමක් පැමිණියහ. ඔවුන් විසින් ලංකාවට රූපවාහිනී මධ්‍යයස්ථානයක් ලබා දීමට පොරොන්දු විය.
1979 මැද භාගය වන විට රූපවාහිනී සේවය ප්‍රේක්‍ෂක ජනතාව අතරට රැගෙන යෑම අග්‍රාමාත්‍යය ජයවර්ධන මහතාගේ අපේක්‍ෂාව විය. 1978 මැද භාගයේ දී ජාතික ගුවන්විදුලියේ සභාපතිවරයා සිය ආඥා පනත යටතේරූපවාහිනී සේවාවක් ඇරබීමට අපේක්‍ෂා කරන පෞද්ගලික අංශයට ද අයදුම්පත් කැදවීමට කටයුතු කළේ ය. මේ අතර ආසියානු ශාන්තිකර විකාශ ප්‍රවර්ධන මධ්‍යයස්ථානය ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවාව උදෙසා ද වෘත්තිකයන් පුහුණු කිරීම ආරම්භ කළේ ය.
කෙසේ නමුත් ශ්‍රී ලාංකීය මාධ්‍යය ක්‍ෂේත්‍රයට නව පිටුවක් එක් කරමින් 1979 අප්‍රේල් 14 වෙනි දා ශ්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී සේවය ඇරබිණි. ඒ ස්වාධීන රූපවාහිනී සේවය යි. මෙය පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ විය. මේ අතර 1980 ජනවාරි 11 වැනි දින ජපානයේ මිට්සුකි සමාගම හා ශ්‍රී ලංකා රජය සමඟ ජාතික රූපවාහිනී සේවයක් ආරම්භ කිරීම ට ගිවිසුමකට එළබිණි. ඒ අනුව ජාතික රූපවාහිනියක් ඇරබීමට වසර ගණනාවක් මුළුල්ලේ වූ කතා බහ අවසන් කරමින් 1980 මාර්තු මස 04 වැනි දින ජාතික රූපවාහිනී සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල තැබීම සිදු විය. එසේ ඇරබූ ජාතික රූපවාහිනී මධ්‍යයස්ථානය ඉදිකිරීමේ කටයුතු නිම කරමින් 1982 පෙබරවාරි 15 වැනි දින නව සේවාව ආරම්භ කරමින් ස්වාධීන රූපවාහිනී ජාලය ට අමතර තවත් ජාතික රූපවාහිනී සේවාවක් ඇරබිණි.
රූපවාහිනී අන්තර්ගතය
අන්තර්ගතය යනු යමක් සකස් වී ඇති ආකාරය යි. එනම් ඒ තුළ අඩංගු වී ඇති දෙය යි. මාධ්‍යය සතුව ද මෙකියන්නා වූ අන්තර්ගතය පවතී. පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය යන සෑම මාධ්‍යයක්ම සකස් වී තිබෙනුයේ එහි අන්තර්ගතය තුළිනි. රූපවාහිනිය මේවන විට අනිකුත් මාධ්‍යයන් පරදවා ජනතා මාධ්‍යය බවට පත්ව තිබෙනුයේ එය ශ්‍රව්‍ය දෘෂ්‍යය මාධ්‍යයක් බැවිනි. මේ තත්ත්වය මත රූපවාහිනී නාලිකා අතර අන්තර්ගතය සකස් කිරීමේ දී තරඟකාරී ස්වරූපයක් ගෙන ඇත. වත්මන වන විට මෙම තත්ත්වය වඩාත් ප්‍රබලව දැකගත හැකි ය.
රූපවාහිනී අන්තර්ගතය සකස් කිරීමේ දී වැඩසටහන් අනුග්‍රාහකත්වය ප්‍රබල වශයෙන් බලපානු ලබයි. ප්‍රවෘත්ති ප්‍රකාශය ප්‍රධාන වශයෙන් දිනකට තුන් වරක් ඉදිරිපත් කරනු ලබයි. ඊට අමතරව සෑම පැයකට වරක් ම පුවත් සිරස්තල ඉදිරිපත් කරයි. නමුදුඅද වන විට වැඩී ඉඩක් දී තිබෙනුයේ පුවත්වලට නොව අනුග්‍රාහක දැන්වීම්වලට ය. ඉදිරිපත් කරන වැඩසටහනට වඩා වැඩී කාලයක් ලබා දී තිබෙනුයේ මේ සදහා ය. තව ද සංගීතමය වැඩසටහන් වලට ද ප්‍රමුඛ තැනක් ලබා දී ඇත. රූපවාහිනී නාලිකාවක අද වැඩී වශයෙන් දැකගත හැකි වන්නේ විනෝදාත්මක වැඩසටහන් ය. මේ තුළ නළු නිළියන් ගෙන්වා කරනු ලබන වැඩසටහන් වැඩී වශයෙන් පවතී. මෙම වැඩ සටහන් අතර ද වෙළද දැන්වීම්වලට ලබා දී ඇති ඉඩ වැඩී ය.
ළමයින්, තරුණයින්, වැඩීහිටියන් ලෙස සමාජය වර්ග කොට ඔවුනට වෙන් වෙන් වූ වැඩසටහන් සැකසීම අද දැක ගත හැකි ය. දෙමාපියන්ට දරුවන් හා එක් ව නැරබීමට හැකි වැඩසටහන් පවතිනුයේ ඉතාමත් අතලොස්සකි. එපමණක් ද නොව අධ්‍යාපනික වශයෙන් වැදගත් වැඩසටහන් අන්තර්ගතකොට ඇත්තේ සතියකට පැයකට දෙකකට සීමා කරමින් ය. සාකච්ඡාමය වැඩසටහන් බොහෝ සෙයින් විකාශය වනුයේ රාත්‍රී 10 න් පසුව ය. එය ද දේශපාලන වැඩසටහන් වලට ප්‍රමුඛතාවයක් දී ඇත. වාර්තාමය වැඩසටහන් ද මේ අතර පවතී. ලිට්ල් ස්ටාර්, සුපර් සටාර්, ඩාන්සින් ස්ටාර්, යූත් ගොට් ටැලන්ට් ආදී වූ රියැලිටි වැඩසටහන් වලට සෑම නාලිකාවක් ම පාහේ ප්‍රමුඛතාවයක් ලබා දී ඇත.
උදෑසන 12-4 පමණ වන තෙක් පිරිත් දේශනය විකෘශනය වන අතර ඒ හැරුණු කොට ආගමික වැඩසටහන් දැක ගත හැකි වනුයේ පෝය දිනට ය. ප්‍රවර්ධන වැඩසටහන් සෑම නාලිකාවම පාහේ පවතින්නකි. තව ද ටෙලි නාට්‍යය අන්තර්ගත කිරීමේ දී සෑම නාලිකාවක් ම පාහේ ඒ පිළිබද ව උනන්දුවක් දක්වනු ලබයි. මන්දයත් තම නාලිකාව ජනතාව අතරට ගෙන යාමේ ප්‍රධානත ම මාර්ගය ලෙස ඔවුන් යොදා ගනු ලබනුයේ ටෙලි නාට්‍යය යි.
මෙලෙස බලන විට පෙනෙනුයේ රූපවාහිනිය තුළ පවතින අන්තර්ගතය එම මාධ්‍යයේ පැවැත්මට බොහෝ සෙයින් බලපානු ලබන බවයි.
ලාංකීය රූපවාහිනී මාධ්‍යයේ කාලීන වෙනස්වීම්
වෙනස්වීම ලෝක ස්වභායකි. මාධ්‍යය සතුව ද මෙම වෙනස දැකගත හැකි ය. පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය ආදී සියලුම මාධ්‍යයන් කාලයෙන් කාලයට වෙනස්කම් වලට ලක් වෙමින් ආවකි. එදා අපේ මිනිසුන් දුටු හා ඔවුන්ට මාධ්‍යය හරහා ලැබුණු අත්දැකීම් අද අපට ලබා ගත නොහැක. මන්දයත් එදා ඔවුනට මෙම මාධ්‍යයන් පුදුම සහගත දේ විය. එබැවින් ඔවුන් ඉන් උපරිම වින්දනයක් ලැබූහ.
එදා අපේ අම්මල තාත්තලට රූපවාහිනිය යනු මැජික් පෙට්ටියකි. විටෙක ඔවුන් එයට භිය වූහ. නමුදු අද වන විට කාලය වෙනස්ව ඇත. අද වන විට ලංකාවේ රූපවාහිනී චැනල් 30 ක් පමණ දැකගත හැකි ය. මෙම එක චැනල් එකකවත් පවුලේ අයට එකට එක්ව නැරබිය හැකි වැඩසටහන් ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. මෙරට ටෙලි නාට්‍යයවලට වඩා අද පවතින්නේ ලෝකයේ විවිධ රටවල ටෙලි නාට්‍යයන් ය. තව ද නිවේදනය අතින් ද අද පවතින්නේ කච බචය පමණි. හරවත් දෙයක් පවසනුයේ අතලොස්සක ප්‍රමාණයකි.
එදා තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් විය. ගුණාත්මක බවින්, ප්‍රාසාංගික බවින් හා රස වින්දනය අතින් ඒ වැඩසටහන් උසස් වූහ, එකළ ජාතික රූපවාහිනියේ පැවති මනෝහාරී සංගීත වැඩසටහනක්ම පමණක් නොව රූපමය කාව්‍යයකි. සමන් අතාවුදහෙට්ටි මහතාගේ ලයාන්විත හඩින් ඉදිරිපත් වූ මෙය වයස් භේදයකින් තොරව සැමගේ සිත්ගත් වැඩසටහනක් විය. තව ද ලොකු කුඩා සැමගේ සිත් ගත් වැඩසටහනකි ඉරිදා උදේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ඬේන්ටි රස පැන වැඩසටහන. තව ද ජාතික රූපවාහිනියේ විකාශය වූ මුතුහර මෙවැනිම අද්විතීය වැඩසටහනකි. අටපට්ටම එදා මෙදාතුර සැමගේ සිත්හි පවතිනුයේ එහි පවතින ගුණාත්මක බව හේතුවෙනි.
මෙලෙස බලන කළ මුල් කාලීනව පැවති සරු වැඩසටහන් අද දැකගත නොහැකි ය. එකළ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කළේ සෑම කාලයට ම සරිලන ලෙස ය. එපමණක් ද නොව ඒ තුළ ගුණාත්මකභාවය රදා පැවතුනි. අධ්‍යාපනික අතින් මෙන් ද රස වින්දනය අතින් ද ඉහළ වූ වැඩසටහන් එකළ පැවතුනි. තව ද එකළ නිවේදන ක්‍ෂේත්‍රයේ සිටියේ දැනුමෙන් පරිපූර්ණ වූවන් ය. තිලකා රණසිංහ මහත්මිය, සමන් අතාවුදහෙට්ටි මහතා ආදී අග්‍රගණ්‍යයන් එම ක්‍ෂේත්‍රයේ දැවන්ත චරිතය. ඔවුන්ගේ වාග් විලාශය, මුඛරි බව මේ ආදී සෑම දෙයක් ම හේතුවෙන් ජනතාව ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පැවතුණි. නමුත් කාලීන වෙනස්වීම් සමඟ මෙම තත්ත්වයන් වෙනස් විය. දේශපාලන බලය මින් ප්‍රධාන විය. අද සිටිනුයේ දක්ෂතාවය මත ඉදිරියට ආ පිරිසක් නොව මුදල් මත තම මෝඩකම විදහාපාන පිරිසකි. මෙසේ කාලයත් සමඟ සියල්ල වෙනස් වී ඇති අයුරු අපට දැකගත හැකිය.
රූපවාහිනී මාධ්‍යයේ නව ප්‍රවනතා
කිසියම් මාධ්‍යයක් කාලයත් සමඟ ලබා ගන්නා දියුණුව එම මාධ්‍යය සතු ප්‍රවනතා ලෙස පෙන්වා දිය හැකි ය. මෙය එක් මාධ්‍යයකට පමණක් සීමා වූවක් නොවේ. පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය ආදී සෑම මාධ්‍යයකටම මෙය පොදු වූවකි. රූපවාහිනිය අද සෑම ගෙදරකම පමණක් නොව සෑම ආයතනයකම ද මේ වන විට පවතී. ජනතාවගේ මාධ්‍යයක් වශයෙනුත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ මාධ්‍යයක් වශයෙනුත් ඒ පිළිබද වැඩිය සිතිය යුතු ද නොවේ. ඒ තරමට ම රූපවාහිනිය සෑම අයකුට ම නැතුවම බැරි මාධ්‍යයත් බවට පත්ව ඇත.
රූපවාහිනී ක්‍ෂේත්‍රය තුළ මේ පිළිබද කතා කිරීමේ ද ීඑහි ප්‍රධානතම ප්‍රවනතාවයකි ශ්‍රී ලංකාව තුළ මේ වන විට ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන රූපවාහිනී නාලිකා 13 ක් පමණ සිය විකාශන කටයුතු මෙහෙයවනු ලැබීම. මීට අමතරව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ද ක්‍රියාත්මක වන රූපවාහිනී නාලිකා දැකගත හැකි ය. එමෙන් ම කළු සුදු වශයෙන් පමණක් තිබූ රූපවාහිනිය අද වර්ණ රූපවාහිනී දක්වා ම දියුණු ව ඇත. තාක්ෂණය අතින් අද රූපවාහිනිය සිටිනුයේ පළමු තැන ය. ජනතා ප්‍රසාදය අතින් ද රූපවාහිනිය ඉදිරියෙන් සිටි. එහි දී ශ්‍රව්‍යය දෘශ්‍යය මාධ්‍ය්‍යක් වීම, සජීවී ප්‍රචාරණය, කලාත්මක බවින් ඉහළ වීම ආදී සාධක මෙයට බලපා ඇත.
තරඟකාරීත්වය යනු ඕනෑම පුද්ගලයෙක් හෝ අංශයක් ඉදිරියට ම ගෙන යා හැකි ප්‍රබලතම අවියකි. රූපවාහිනී මාධ්‍යය තුළ එක් එක් නාලිකාවන් අතර එම තරගකාරීත්වය දැකගත හැකිය. මෙය රූපවාහිනී මාධ්‍යයේ පවතින ප්‍රවනතාවයකි. මෙම තත්ත්වය හේතුවෙන් ගුණාත්මකභාවය හා රස වින්දනය ආරක්ෂා කරමින් ඉදිරියට යාමට රූපවාහිනිය සමත්ව ඇති බව අපට දැක ගත හැකි ය.
රූපවාහිනිය ජනතා මාධ්‍යයක් වශයෙන් ජනතාව අතරට රැගෙන යාමේ දී සුපැහැදිලි දසුන් ජනතාව ට ලබා දීමට තම ආවරණ කලාපයන් සෑම ප්‍රදේශයක් ම ආවරණය වන අයුරින් කුළුණු සවි කිරීමට ද අද වන විට රූපවාහිනී මාධ්‍යය සමත්ව ඇත. මෙය ද රූපවාහිනී ක්‍ෂේත්‍රයේ තවත් එක් ප්‍රවනතාවයකි.
මෙලෙස බලන කල ප්‍රධානතම ජන මාධ්‍යයක් වශයෙන් රූපවාහිනිය අද වන විට නව ප්‍රවනතා අතින් බොහෝ ඉදිරියෙන් සිටින බව දැක ගත හැකි ය.
රූපවාහිනී නාලිකාවන්හි නව ප්‍රවනතා
* ස්වාධීන රූපවාහිනිය
ශ්‍රී ලංකාවේ විකාශනය වන නාලිකා අතරින් රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනිය මෙරට පළමු රූපවාහිනි නාලිකාව යි. මෙය මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවා සමාගම (ෂබාැචැබාැබඑ ඔැකැඩසඑසදබ භැඑඅදරන ඛසපසඑැා) විසිනි. 1979/අප්‍රේල් 13 වන දින ආරම්භ වූ මෙම නාලිකාවේ ප්‍රචාරණ උද්‍යෝග පාඨය වනුයේ “ඔබේ පවුලේ නාලිකාව” යන පාඨය යි. 1979 ආරම්භ වූවායින් පසු මෙම සේවය රජයට පවරා ගනු ලැබූ අතර ඉන් පසු එහි සභාපතිවරයා වූයේ තේවිස් ගුරුගේ මහතා ය. ආරම්භ වූ මුල් කාලය තුළ බටහිර වැඩසටහන් විකාශනය මෙම නාලිකාව මගින් සිදු විය.
ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව වුව ද පසුගිය කාලය තුළ මෙහි පැවති දුර්වලතා රාශියකි. ප්‍රවෘත්ති සහ කාලීන වඅඩසටහන් යනු ඕනෑම මාධ්‍යයක ප්‍රමුඛතම අංශය යි. නමුත් පසුගිය කාලය පුරාවට ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් පිළිබදව ජනතාව තුළ පැවතියේ නොරිස්සුම් සහගත තත්ත්වයකි.මෙයට ප්‍රධාවතම හේතුව වූයේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම ට ක්‍රියා කිරීම යි. නමුදු ස්වාධීන රූපවාහිනී වත්මන් නියෝජිත සාමාන්‍යධීකාරී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් උපදේශක ලාල් හේමන්ත දේවලගේ මහතා දිවයින සිනමාකලා සමඟ පැවති කතා බහේදී පවසා තිබුනේ වත්මනේ මෙම තත්ත්වය වෙනස් කර ගන්නා බවත් එහි දී ඔවුන් ට නැතිව තිබූ තත්ත්වය නැවත ලබා ගැනීමට අවැසි බවත් ය. තවද ඔහු පැවසූයේ ප්‍රවෘත්ති සැපයීම අතින් නාලිකා අතරින් ප්‍රමුඛයා වීමටත් ඒ සදහා ඊට ආවේණික ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සකස් කරමින් සිටින බවත් ය. තව ද පුවත් විකාශය තුළ “රහසිගත සාක්ෂිකරුවා, ඇක්ෂන් ලයිව්” ආදී රහසිගතව කරන ලද වැටලීම් වංචා දූෂණ හෙළි කිරීම් සිදු කරනු ලබයි. මෙය ස්වාධීන රූපවාහිනිය පුවත් වාර්තාකරණය තුළ ලබා ගත් තවත් ප්‍රවණතාවයකි. පෙර දේශපාලන න්‍යායය පත්‍රයකට අනුව වැඩ කළ බවත් දැන් එවන් තත්ත්වයක් නොමැති බවත් පවසා තිබූ මොහු කියා සිටියේ තරුණ පරපුරේ ආකල්ප පිළිබදවත්, නාට්‍යය, දේශපාලන කතිකා ආදිය පිළිබදවත් අලුතින්ම සිතා ඒවා යුගයට ගැලපෙන ආකාරයට පෙළගැස්වීමට සිතා සිටින බවත් ය. මෙය ද තවත් එක් ප්‍රවණතාවයකි. එමෙන් ම මෙරට නිර්මාණවලට ප්‍රමුඛතාවය ලබා දීමට ද මොවුන් පෙළබී සිටින බව පැවසීය.
ශ්‍රී ලංකාවේ මුළු ප්‍රදේශ ආවරණය 95% ක්ම සුපැහැදිලි දසුන් සහිත ආවරණ කලාපයක් ජනතාවට ලබා දීමට ස්වාධීන රූපවාහිනිය සමත්ව ඇත. 30 වැනි සංවත්සරයත් සමඟ ස්වාධීන රූපවාහිනිය ප්‍රවණතා අතින් ඉදිරියට ගොස් ඇත. එනම් මාධ්‍යය සංකීර්ණයට නව පරිපාලන ගොඩනැගිල්ලක් එක් කිරීම සහ පිට පලාත්වල සිට කරන සජීවී විකාශයන්ට යොදාගන්නා නවතම බස් රථයක් ඔවුන් විසින් ම ඉංජිනේරු අංශවල දායකත්වයෙන් සකසා ගැනීම ය.
එමෙන් ම ගුණාත්මක බවින් හා රස වින්දනය අතින් උසස් නිර්මාණ ද ඉදිරිපත් කර ඇත. එහිදී ස්වාධීන රූපවාහිනියේ අනන්‍යතාවයන් වූ අටපට්ටම සහ දොරමඩලාව ප්‍රමුඛ වේ. ඒ බැව් වසර 9ක් එක දිගට වසරේ ජනප්‍රියම වැඩසටහන ලෙස අටපට්ටම පත් වීම මගින් දැක ගත හැකි ය. එමෙන් ම මෙම වැඩසටහන් මාලාවට එක් වූ තවත් එක් ගුණාත්මක බවින් හා රස වින්දනය අතින් අනූන වැඩසටහනක් ලෙස වසන්ත දුක්ගන්නාරාල විසින් කරනු ලබන “සොදුරු ආඥාව නැමති වේදිකා නාට්‍යය වැඩසටහන පෙන්වාදිය හැකි ය.
මෙම නාලිකාවේ නිවේදනය පිළිබදව ගත් විට රැල්ලට නොයා හැදියාවට, පළපුරුදුකමට සහ දක්ෂතාවයට මුල් තැනක් දෙමින් කරනු දැකිය හැකි ය. එයට හොදම නිදසුනක් ලෙස සල් මල් යාය වැඩසටහන පෙන්වා දිය හැකි ය. එය වාර්තාමය රස වින්දනාත්මක හා ගුණාත්මකබවින් ද අනූන ය. එමෙන් ම “මාධ්‍යය ප්‍රදීප” වැඩසටහන මගින් රූපවාහිනී මාධ්‍යය තුළ තිබෙන එකම රැකියා අවස්ථාව නිවේදනය නොවන බව දරුවන්ට පසක් කිරීමට උත්සාහ දරමින් සිටීම ද මෙහ පවතින තවත් එක් ප්‍රවනතාවයකි. එමෙන් ම මොවුන්ගේ නවතම අරමුණ වනුයේ රූපවාහිනී බැලෙනවාට වඩා රූපවාහිනිය නරබන පිරිසක් සකස් කිරීම යි. ඒ සදහා ජනතාව වැඩි වශයෙන් රූපවාහිනිය ඉදිරිපිට රැදෙන කාලයක් වන රාත්‍රී 7 ට අලුත් වැඩසටහන් හදුන්වාදීම සිදු කෙරිණි. මේ අතරට අධ්‍යාපනික, වාර්තාමය, විදේශිය, රස වින්දනාත්මක ආදී සියලුම වැඩ සටහන් අන්තර්ගත කර ඇත. එමෙන් ද මෙම මාධ්‍යය විසින් කරනු ලැබූ නව රැල්ලේ රියැලිටි වැඩසටහන් අතර “යූත් විත් ටැලන්ට් (ශදමඑය උසඑය ඕකැබඑ) නව වෙනසක් සිදු කරන ලදී. ඒ ඔස්සේ රැකියා අවශ්ථා බිහි වනවා මෙන් ම තරඟ කරුවන්ට වටිනාකමක් ද ලැබුණි.
මෙලෙස මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේ පළමුවෙනි නාලිකාව වන ස්වාධීන රූපවාහිනියේ නව ප්‍රවණතාවයන් දැක ගත හැකි ය.
දෙරණ නාලිකාව
ටී.වී දෙරණ යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නා වූ නාලිකා අතරින් වින්දනාත්මක රූපවාහිනී නාලිකාවකි. 2005 ඔක්තෝම්බ ර් 11 වැනි දින ආරම්භ වූ මෙම නාලිකාවේ අයිතිය ඡදඇර ්‍යදමිැ සමාගම සතු ය. මෙහි ප්‍රධාන මැදිරිය කොළඹ පිහිටුවා තිබෙන අතර නුවරඑළිය, දෙනියාය, මහනුවර, සහ කළුතර තාක්ෂණික මැදිරි තනා ඇත. මෙහි ප්‍රචාරක උද්‍යෝග පාඨය වනුයේ “අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන කියන පාඨය යි.
ප්‍රේක්ෂකයන් ඉතාමත් සීඝ්‍රයෙන් වැළදගත් රූපවාහිනී නාලිකාවක් ලෙස දෙරණ රූපවාහිනිය පෙන්වාදිය හැකි ය. කිසිදු දේශපාලන හස්තයක් ඔස්සේ ක්‍රියා නොකරන දෙරණ නාලිකාව යුක්තිය හා සාධාරණය සමග කටයුතු කරන ජනතාවගේ මාධ්‍යයක් ලෙස දැක්විය හැකි ය. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මොවුන්ගේ වැඩසටහන් පෙළගැස්මේ ආකෘතියයි. එනම් ප්‍රේක්ෂකයාගේ අවධානය හා ඔවුන්ගේ මනස සමඟ හිතවත්ව ක්‍රියා කිරීමත් වෙලාව පිළිබද මොවුන්ගේ සැලකිලිමත් බවත් ය. මෙහිදී ප්‍රවීණ රංගන ශිල්පීන් හා එක් ව නවක නළු නිළියන් එකට ටෙලි නාට්‍යය හා සම්බන්ධ කර ගැනීම තුළින් නව ටෙලි නාට්‍යය සංස්කෘතියක් බිහි කර ඇත. එමෙන් ද පේක්ෂකයා ඉලක්ක කර ගනිමින් කටයුතු කරන අතර ප්‍රේක්ෂක ඉල්ලීමට වැඩි ඉඩක් ලබා දෙයි. ඒ බව මලී, අත්තම්මා, ධර්මාශෝක, සිඳු යනා දී ටෙලි නාට්‍යය මගින් දැක ගත හැක.
අද දෙරණ යනු, දෙරණ රූපවාහිනියේ පුවත් විකාශය යි. අතිශයින් ම ප්‍රේෂක අවධානය දිනාගෙන සිටින පුවත් විකාශයකි. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී එය ප්‍රේක්ෂකයාට ගෙන එන අයුරු සුවිශේෂිය. සරළ හා ප්‍රේක්ෂක විශ්වාසය ගොඩනැගෙන අයුරින් පුවත් ඉදිරිපත් කරයි. ්කැං් ෂබඑැරබැඑ වර්ගීකරණයට අනුව අද දෙරණ පුවත් වෙබ් අඩවිය ලංකාවේ ප්‍රමුඛ අවධායක් සහිත පුවත් වෙබ් අඩවිය බව යි. 2007 වසරේ දී ඩයලොග් ටෙලිකොම් හා සම්බන්ධ වූ අද දෙරණ තම පුවත් සේවාව ඩයලොග් ජංගම දුරකතන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් කෙටි පණිවුඩ සේවාවක් ලෙස අරබන ලදී. මෙය මොවුන්ගේ ප්‍රමුඛතම ප්‍රවනතාවයකි.
ටී.වී දෙරණ නාලිකාව දිනකට පැය 7 ක පමණ කාලයක් තුළ ටෙලි නාට්‍යය, රියැලිටි වැඩසටහන්, ළමා වැඩසටහන්, සංගීත වැඩසටහන් සහ අනෙකුත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මකකරනු ලබයි. 2009 වසරේ පටන් ආරම්භ කර අද වන තෙක් අඛණ්ඩව කරගෙන යනු ලබන දෙරණ ෘරු්ප ීඒර පෙන්වා දිය හැකි ය.
නිවේදනය අතින් ද මෙම නාලිකාව වෙනස් ය. එහි දී එක් එක් වැඩ සටහනට එම වැඩ සටහනේ ස්වභාවය හා වයස් පරතරය අනුව ඊට සරිලන නිවේදකයින් යොදා ගනී. ළමා වැඩසටහන් සදහා ළමයින් ම යොදා ගැනීම පෙන්වාදිය හැකි ය. එමෙන් ම බස හැසිරවීමේ දී වඩාත් සැලකිලිමත් වන මොවුන් පේක්ෂකයින් හා ගනු දෙනු කරන අයුරු විශිෂ්ඨ වේ.
සත්‍යය හෙලි කිරීමට නොපැකිලව ඉදිරිපත් වන මෙම නාලිකාව සෑම අවශ්තාවකදීම ජනතාව සමඟ සිටී. මෙසේ බලන කළ දෙරණ නාලිකාව බොහෝ පැතිකඩයන්ගෙන් පූර්ණ වූත්, ජනතාවාදී වූත් රූපවාහිනී නාලිකාවක් බව සදහන් කළ හැකි ය.
සිරස රූපවාහිනී නාලිකාව
1998 ජුනි මස 10 වන දින පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ වන සිරස රූපවාහිනී නාලිකාමේ හිමිකාරීත්වය “මහාරාජා සමූහ ව්‍යාපාරය හා ග්රැග්සන් හෝල්ඩින් සමාගම ” (ඔයැ ජ්චසඒක ප්ය්ර්ව් දරට්බස‘්එසදබ කඑාල ඨරුටිදබ යදකාසබටි කඑා) මගින් දරනු ලබයි.
භැඅි චකමි යනු සිරස නාලිකාවේ පුවත් විකාශයයි. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට යන්න මෙම නාලිකාව පුවත් සදහා යොදා ගත් තේමා පාඨය වේ. සිරස රූපවාහිනී පුවත් සාරාංශගත පුවත් ඉදිරිපත් කිරීමේ ආරම්භකය ය. ඛසඩැ ? 55 යනු එම පුවත් සාරාංශය යි. එමෙන් ම කෙටි කලක් තුළ වැඩසටහන් ආකෘතිය වෙනස් කිරීම මෙම නාලිකාව තුළ දැක ගත හැකි ය. මාස 3ට වතාවක් පෙළගැස්ම වෙනස් කරන සිරස නාලිකාව එහිදී ප්‍රධාන අරමුණු කිහිපයක් මත පිහිටා කටයුතු කරයි.
■ වැඩසටහන් නිශ්පාදනයට පෙර පවත්නා වෙළදපොල යථාර්තය පිළිබදව අධ්‍යයනය කිරීම.
■ වැඩසටහන් සදහා අනුග්‍රාහකත්වය සොයා ගැනීම.
■ රූපවාහිනී ග්‍රාහක සමීක්ෂණ වාර්තා අනුව කටයුතු කිරීම
ලාංකීය ටෙලි නාට්‍යය කලාවට ඉන්දියානු ටෙලි නාට්‍ය හදුන්වා දෙනු ලැබූයේ සිරස නාලිකාව මගිනි. රන් දෙපැය නමින් එම කාල සීමාව හැදින් වූ මෙම නාලිකාව එම නාටය නරබන අය වෙනුවෙන් පැනයක් අසා ත්‍යාග ලබා දීමක් ද සිදු කරනු ලැබී ය. ඊට අමතරව බොහෝ සෙයින් තරුණ පිරිස ඉලක්ක කරගත් වැඩසටහන් මෙම නාලිකාව හරහා ඉදිරිපත් කිරීම දැකිය හැකි විය.
ආගමික වැඩසටහන් වලටද වැඩි ඉඩක් මෙම නාලිකාව මගින් වෙන් කර ඇත. ඒ අතරින්
- සිරස දහම් පාසල
- මහ මළුව
- සදහම් යාත්‍රා
- තේරණී බණ
සුවිශේෂී වෙයි. ළමයින් සදහා ම වූ වැඩ සටහන් රාශියක් ද ඉදිරිපත් කරනු ලබන මෙම නාලිකාව සිරස ලක්ෂපති කා අතරත් ජනප්‍රිය වූ වැඩසටහනකි. ඊට අමතරව රියැලිටි කලාව රූපවාහිනී මාධ්‍යයට හදුන්වා දීම ද සිරස නාලිකාව ඔස්සේ සිදු විය. සිරස කුමරිය, සුපර් ස්ටාර් මෙහිදී වැදගත් වේ.
ජාතික රුපවාහිනී නාලිකාව
1992 අංක 6 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදා ය. ජපන් ජනතාවගෙන් ලැබුණු ත්‍යාගයක් වන මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ අධ්‍යාපනික, තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයීම ය. ය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භක සභාපතිවරයා වනුයේ එම්.ජේ පෙරේරා මහතා ය. ලංකාව පුරා ව්‍යාප්ත වන පරිදි තම විකාශන කටයුතු ගෙන යාම සදහා ඪ්‍යත්‍ල ඹ්‍යත් යන සංඛ්‍යයා තරංග උපයෝගී කර ගනී.
ජාතික රූපවාහිනියේ ඉංජිනේරු අංශය වැදගත් අංශයකි. ලංකාවේ අනෙකුත් නාලිකා හා ගෙන බැලීමේ දී තාක්ෂණික අතින් වටිනා ශිල්ප ක්‍රම මෙම නාලිකාව සතුව පවතී. එයට ප්‍රධානතම හේතුව වනුයේ ජපන් රජයෙන් ලැබුණු ආධාරය. විකාශනයන් සිදු කිරීමේ දී දර්ශණ ඉතා පැහැදිලිව හා කාර්යයක්ෂමව ජනතාවට ලබා දීම මොවුන්ගේ අරමුණකි. ඒ අනුව ලංකාවේ උසම කදු වැටිය වන පිදුරුතලාගල කන්ද උඩ ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණ සවි කර ඇත. එමෙන් ම මෙම නාලිකාව තුළ චන්ද්‍රිකා තාඛ්ෂණය යොදා ගනී. තව ද මෙම නාලිකාව සතු ලක්ෂණ කිහිපයකි.
■ පසුතල නිර්මාණ ක්‍රමයන්ට ප්‍රමුඛතාවය දීම.
■ ආලෝකකරණය.
■ අංග රචනය
ඒ අතර ප්‍රධාන වෙයි. ඩිජිටල්කරණය ලංකාව තුළ භාවිත නොවන නිසා එම උපකරණ පැවතිය ද ඉන් ප්‍රයෝජනයක් නොමැත. ඇනලොග් තාක්ෂණය ලංකාව තුළ පවතින අතර මේවන විට ජාතික නාලිකාව ඩිජිටල් තාක්ෂණය 2020 වන විට මෙරට ඇති කිරීමට කටයුතු කරමින් සිටී. එමෙන් ම ලංකාවේ පළමු අධි විස්තෘත මැදිරිය (ත්‍මකක ්‍යෘ) මෙම නාලිකාව සතු ය.
මෙසේ බලන විට තාක්ෂණික අංශයෙන් මෙම නාලිකාව අනිකුත් නාලිකාවන්ට වඩා ඉදිරියෙන් සිටී. ආණ්ඩුවේ දැක්ම මොවුන්ගෙත් දැක්ම වන අතර 50% ක් මෙම නාලිකාව ආණ්ඩුව සමඟ බැදී ඇත. මෙම නාලිකාවේ අරමුණ ජනතාවට යහපත් දේ කිරීම ය. භාෂාව රැකීමට පුල් තැනක් ලබා දෙනු ලබයි. ඉන්දියානු වැඩසටහන් වලට නොයා කොරියානු වැඩසටහන් ප්‍රචාරය කරනු ලබනුයේ නැතිව තිබූ ජනප්‍රියත්වය නැවත ලබා ගැනීම උදෙසා ය. මන්දයත් අනිකුත් නාලිකා රජයේ නාලිකාවන්ට වඩා ඉදිරියෙන් සිටින බැවිනි.
මෙම නාලිකාව සතු ප්‍රවර්ධන වැඩසටහන් වැඩි වශයෙන් කරනුයේ රට තුළ සුබසාධන කටයුතු වලට දායකත්වය දීම වෙනුවෙනි. එහි දී අධ්‍යාපනය සම්බන්ධව කරනු ලබන සම්මන්ත්‍රණ ප්‍රමුඛ වේ. නැණස, තක්ෂිලාව නිදසුන් ය.
ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව
1997 මාර්තු 16 වැනි දින අරබන ලද ස්වර්ණවාහිනිය ෑ්ඡ පෞද්ගලික සමාගම සතු ය. මෙහි තේමාව වනුයේ ශ්‍රී ලාංකීය අභිමානය යන තේමා පාඨය යි. තාක්ෂණය භාවිතා කිරීමේ දී මුල් කාලය තුළම ඉංජිනේරු අංශය නුවර එළියේ සම්ප්‍රේෂණ කුළුණ ඉද කරනු ලැබී ය.
මෙම නාලිකාව විසින් වැඩසටහන් ආකෘතියක් මගින් විකාශන කටයුතු සිදු කරයි. එහි දී,
■ වාර්තා වැඩසටහන්
■ සගරාමය වැඩසටහන්
ලිය වරුණ, ආයුබෝවන් ශ්‍රී ලංකා
■ සංගීත වැඩසටහන්
■ ටෙලි නාට්‍යය
හාර කෝටිය, දෙව්ලිය, තව දුරයි ජීවිතේ
■ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන්.
අද දවස
ආදී ලෙස යි.
2017 ආරම්භ වන විට මෙම නාලිකාව නැරබීමට හැකිව තිබුනේ කොළඹ සහ නුවරඑළිය ප්‍රදේශයන්ට පමණි. අනිකුත් ප්‍රදේශයන්ට ආවරණ කලාපයන් තුළින් විකාශන කටයුතු කළ නොහැකි වූයේ මෙම නාලිකාවේ විකාශන කටයුතු මුදල් ප්‍රශ්ණයක් හේතුවෙන් නවතා දමා තිබූ බැවිනි.
භාෂාව යොදා ගැනීමේ දී වඩාත් සැලකිලිමත් වන මොවුන් “ඔඹ” යන සර්ව නාමයෙන් ආමන්ත්‍රණය කරයි. වැඩසටහන අනුව කථනය යොදාගන්නා අතර භාෂණ රිද්මය ද ඒ මත ම පදනම් වේ. පසු කාලීනව කරන ලද විවිධ වැඩසටහන් අනිකුත් නාලිකාවන්ට ද පූර්වාදර්ශයක් සපයනු ලැබී ය. වෙසක් පෙසොන් වැඩසටහන් නිදසුන් වේ. දේශිය දේ අගය කරමින් එම නාට්‍යයන්ට මුල් තැනක් දී කටයුතු තරනු මෙම නාලිකාව හරහා දැකගත හැකි ය. ...
හිරු රූපවාහිනී නාලිකාව
2012 වසරේ ස්ථාපිත කරනු ලැබූ හිරු නාලිකාවේ හිමිකාරීත්වය ඒෂියා බ්‍රෝඞ්කාස්ටින් කෝපරේෂන් (්ිස් ඊරද්ාජ්ිඑසබට ක්‍දරචදර්එසදබ ) සමාගම සතු ය. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ ඍ්හහබදර ිසකඩ් මහතා ය. මෙම නාලිකාව ලංකාවේ පළමුව ඩිජිටල් තාක්ෂණයෙන් මුදා හැරි රූපවාහිනී නාලිකාව වේ.
තාක්ෂණය අතින් අද ඉදිරියෙන් සිටිනුයේ මෙම නාලිකාව යි. තවමත් ඇනලොග් මගින් මෙම නාලිකාව ක්‍රියාත්මක වේ. මෙම නාලිකාව අනිකුත් නාලිකා අතරින් ප්‍රවර්ධන වැඩසටහන් ඔස්සේ ඉදිරියෙන් සිටී. මෙහි දී අහඹු ලෙස බස් රථවලට නැග මුදල් ලබා දීම, රාත්‍රී කාලයේ නිවෙස්වලට ගොස් හිරු නාලිකාව නරබන අයට මුදල් ලබා දීම පෙන්වා දිය හැකි ය. එමෙන් ම මෙම නාලිකාව විසින් කරනු ලබන උත්ත ධාතු වන්දනා වැඩසටහන ද ජනතාව අතර වඩාත් ප්‍රචලිතය.
පුවත් ඉදිරිපත් කිරීමේ දී පසුගිය කාලයට වඩා කාන්තාවන් වැඩි වශයෙන් යොගනු දැකිය හැකි ය. එමෙන් ම වඩාත් සජීවීකරණයක් පුවත් විකාශය තුළ දැකිය හැක. පුවතට පදනම වූ ස්ථානයට ගොස් එය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප කරනු ලබයි. “පැත්ත ගියත් ඇත්ත කියන හිරු නිවුස්” ලෙස පුවත් තේමා පාඨය යොදාගෙන ඇති අතර සමබර පුවත් වාර්තාකරණයක නියැලේ.
වැඩසටහන් ආකෘතිය අතින් ප්‍රබල තැනක් ගන්නා හිරු නාලිකාව වඩාත් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඇත්තේ ටෙලි නාට්‍යය හරහා ය. එහිදී ජෝදා අක්බර්, ගැමුණු මහරජ, දෝණී, ආදී නාට්‍යය ජනතාව අතර අතිශය ජනප්‍රිය ය. එමෙන් ම මෙම නාලිකාව හරහා කරනු ලබන ්‍යසරම ටදකාැබ සෙකප ්අ්රාි වැඩසටහන අති උත්කර්ෂවත් සම්මාන උළෙලකි. එමෙන් ම මෙය අන්කුත් නාලිකාවන්ට කරනු ලබන ප්‍රබල අභියෝගයක් ද වෙයි. මේක පුදුම ලෝකයක් නැමති කාලීන වැඩසටහන ඔස්සේ ලොව වටා තොරතුරු ජනතාවට ලබා දීම කරනු ලබයි. ආලමික වශයෙන් ගත් කළ හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන සුවිශේෂී වන අතර ඊට අමතර වූ ආගමික වැඩසටහන් රෘශියක් ද මෙම නාලිකාව මගින් ගෙන එනු ලබයි.
මෙම නාලිකාව තුළ පවතින අනිකුත් සුවිශේෂී ලක්ෂණය වනුයේ නිවේදනයේ දී වැඩසටහන් අන්තර්ගතයට හා ස්වරූපයට ගැලපෙන අයුරින් නිවේදක නිවේදකයන් තෝරා ගැනීම ය.
සියත නාලිකාව
2009 සැප්තැම්බර් 17 වන දින නිල විකාශන කටයුතු ආරම්භ නරනු ලැබූ සියත රූපවාහිනී නාලිකාව ලංකාව තුළ ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින සිංහල භාෂාවෙන් කටයුතු කරන රූපවාහිනී නාලිකාවකි. මෙම නාලිකාවේ හිමිකාරිත්වය ඪදසජැ ධf ්ිස් භැඑඅදරන :ඡඩඑ* ඛඔෘ සමාගම සතු වේ. මෙහි ප්‍රධාන මූලස්ථානය කොළඹ පිහිටි ඇති අතර ඪැඑරස ඔඪ මෙම නාලිකාවෙහි දෙමළ නාලිකාව වේ.
ශ්‍රී ලාංකේය මෘධ්‍යයේ සයිබර් ලකුණ තේමාව යටතේ ශ්‍රී ලංකා යනුවෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරනු ලබන මෙම නාලිකාව හරි දේ හරියට ම යන්න තේමා පාඨය කර ගෙන ඇත.ප්‍රාදේශිය පුවත් හා ශීත ලොව වටා ලෙස විදේශීය පුවත් ද ඉදිරිපත් කරනු දැක ගත හැකි ය. එමෙන් ම පුවත් විකාශය අවසානයේ පුවත් විපරම නමින් පුවත් පත් සිරස්තල විමසීම සුවිශේෂීත්වයකි.
වර්තමානය වන විට ජන මාධ්‍යය සමාජය තුළ මෙන්ම සෑම පුද්ගලයෙක් තුළම අන්වාර්යය අංගයක් බවට පත් විය. තොරතුරු පිපාසිත මිනිසා තම ජීවිතය හැඩගස්වා ගැනීමට පවා යොදාගනු ලැබූයේ මාධ්‍යයන් ය. මේ අතරින් රූපවාහිනිය මිනිසාගේ අංක එකේ තේරීම බවට පත් වූයේ රූපවාහිනිය ශ්‍රව්‍යය දෘෂ්‍යය මාධ්‍යයක් වීම නිසාවෙනි.
1972 වර්ෂයේ මෙරටට රූපවාහිනී මාධ්‍යය හදුන්වා දෙනු ලැබූව ද ශ්‍රී ලාංකීය මාධ්‍යය ක්‍ෂේත්‍රයට නව පිටුවක් එක් කරලමින් 1979 අපේල් මස 14 වෙනි සෙනසුරාදා ලංකාවේ මුල්ම රූපවාහිනී සේවය ආරම්භ විය. එසේ ආරම්භ වූ රූපවාහිනී මාධ්‍යය ක්‍රම ක්‍රමයෙන් මෙරට පුරා ව්‍යාප්ත වන්නට වූයේ ජනතාවගේ ප්‍රමුඛතම මාධ්‍යයක් ලෙසය. නවමු දේවලට ප්‍රියතාවයක් දක්වන ලාංකිකයා රූපවාහිනිය පිළිබදවද උනන්දුවක් දක්වනු ලැබී ය. එපමණක් නොව මාධ්‍යය නලිකා පවත්වා ගෙන යාමට ද ඔවුන් වඩාත් උත්සුක විය. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික රූපවාහිනී නාලිකා බිහි වන්නට විය.
පෞද්ගලික රූපවාහිනී නාලිකා බිහි වීමත් සමඟ ක්‍රමයෙන් නාලිකාවන් අතර හොදම දේ ජනතාවට හැකි ඉක්මනින් ලබා දීමට තරඟයක් ඇති විය. එහි අවසානය වූයේ නව ප්‍රවනතාවයන් රැසක් රූපවාහිනී මාධ්‍යය තුළ බිහි වීම ය. එහිදී තාක්ෂණික, භාෂමය, ටෙලි නාට්‍යය, වැඩසටහන්, පුවත් විකාශයන් ආදී සෑම අංගයක් ම විවිධ පැතිකඩයන් ඔස්සේ දියුණු වන්නට විය.
වර්තමානය වන විට රූපවාහිනී මාධ්‍යය මෙවන් තත්ත්වයන් අතින් ප්‍රවනතා රාශියක් හිමි කර ගත් මාධ්‍යයක් ලෙෂ පෙන්වා දිය හැකි ය. ඒ අනුව මේවන විට ජනතාවගේ මාධ්‍යය බවට රූපවාහිනිය පත්ව ඇත.
-සදූ-
Subscribe to:
Posts (Atom)