Tuesday, June 11, 2019


ස්ත‍්‍රී පරිසරය හා අධ්‍යාපනික මට්ට



වර්තමානයේ ක‍්‍රියාත්මක වන්නා වූ සමාජ ක්‍රමය තුළ   අධ්‍යාපනය වූ කලී   අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. මේ තුළ බල පවත්නා වූ ප‍්‍රධානතම ලක්ෂණය වනුයේ  අධ්‍යාපනය සම අයිතියක්ව ක‍්‍රියාත්මක විය යුතු වීමයි. මෙහිලා අධ්‍යාපනය වයස් භේදයකින් හෝ ලිංග භේදයකින් හෝ පන්ති භේදයකින් හෝ තොරව ක‍්‍රියාත්මක විය යුතු වන්නේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු වන්නා වූ කාරණයකි. වත්මන් සමාජ ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක වන්නා වූ අධ්‍යාපනය ස්ත‍්‍රියට කර ඇති වූ බලපෑම විෂම වූවකි. එහිදී විවිධ පැතිකඩයන් ඔස්සේ පරිසරය හා අධ්‍යාපනය ගැටුම් වලට ලක්වන්නේ ය.

වත්මන් සමාජ ක‍්‍රමය තුළ ස්ත‍්‍රිය පිරිමියා හා සම සමව දැනුම සොයා දිව යෑමේ  කි‍්‍රයාන්විතයේ ප‍්‍රමුඛස්ථානයක් ගෙන සිටින ආකාරය දැකගත හැකි ය. නමුදු මෙහි පවත්නා අනෙක් කාරණය වනුයේ මෙකී සමාජ ක‍්‍රමය තුළ ස්ති‍්‍රයට ලබා දී ඇති තැන පිළබදව ය.

     මෙවන් වදන් විසි එක්වන සියවස තුළ අදටත් නිතර දෙවේලේ ඇසෙන්නා වූ වදන් වේ. එ් අනුව ස්ත‍්‍රිය ට  වෙනම  පරිසරයක් පවතින බව පසක් කරගත හැකි ය. එවන් පරිසරයක් ලබා දීමට සමාජ ක‍්‍රමයන් ක‍්‍රියාත්මක වන්නේ කිනම් පදනමක් මත සිට ද යන්න කිසිවකුත් දන්නේ නැත. එවන් දෑ කිසිවෙකුටත් අවැසි වන්නේද නැත. සෑම විටම පිරිමියාට වඩා දශමයක් හෝ පහලින් කාන්තාව තැබීමට එදා පමණක් නොව අද වන විට ද සමාජය කැමතිය. නැත ස්ත‍්‍රිය යනු එවන් රාමුවක් තුලට පමණක් කොටු කර තැබිය යුතු සත්ත්ව කාණ්ඩයක් නොවේ. ඇය සතුව පිරිමියාට වඩා ඥාන ශක්තියක් පවතින්නේ ය. ඇය බොහෝ විට බොහෝ තැන්හි දී තීන්දු තීරණ ගනු ලබනුයේ කිසිවකුගේ වත් කිසියම් දෙයක පිහිටකින්වත් හෝ නොව ඇය සතුව පවත්නා ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් ය. මෙකී තත්ත්වය කාන්තාවට ලැබී තිබෙනුයේ ස්වභාව ධර්මයාගේ පිහිටෙන්ම ය. කිසිදිනක පාසැල් නොගිය අම්මා තම දරුවාට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමේ සිට දරුවාගේ නැණ ඟුණ වැඩ වීම සමාජය තුළ සිටිය යුතු ආකාරය ආදී කියා දෙනු ලබනුයේ බුද්ධිය මුහුකුරා ගිය අයෙකුටත් වඩා සාරවත් වූ ලෙසටය.

මෙවන් වූ කාන්තාවකට  අධ්‍යාපනය යනු අනිවාර්ය වූ අංගයකි. ඉස්ලාමය තුළ අධ්‍යාපනයට ලබාදී ඇත්තේ ප‍්‍රමුඛ වූ ස්ථානයකි. ශුද්ධ වූ කුරාණය සහ නබි වදන් තුළින් මිනිසාට අධ්‍යාපනයේ ඇති වැදගත්කමකම මනාව පැහැදිලි කර දෙන්නේ ය.

”කියවන්නා දැනුම රැස් කරන්නේ ය”  

”දෙවියන් වහන්ස මගේ ඥානය වඩනු මැනවි”

 මෙවන් වදන් ඉස්ලාමීය ධර්මය තුළ සුලභ වූවකි. ඉස්ලාමය තුල කාන්තාවන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් බාධකයක් පනවා නොමැත බොහෝ පිරිස් පවසනුයේ පවතින්නා වූ සමාජ වටපිටාව තුළ ස්ත‍්‍රියට අධ්‍යාපනය නැමැති සයුර තරණය කිරීම අපහසු කාර්යයක් බවයි. හැල හැප්පීම් මැද්දේ අධ්‍යාපනයේ ඉහළටම ගිය ස්ත‍්‍රීන් කොතෙකුත් මෙකී සමාජය තුළ සිටින්නේ ද..? තුන්වැනි ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තරය හා දැනුම සමඟ කරට කර ගැටෙන ස්ත‍්‍රීන් බහුලය. ලොව සිටින වඩාත්ම බලසම්පන්න සහ සමාජයට වඩාත්ම බලපෑම් එල්ල කළ හැකි කාන්තාවන් සිය දෙනා අතරින් (23* වැනි ස්ථානය හිමි කරගෙන සිටිනුයේ සුප‍්‍රකට සාගර  විද්‍යාඥවරියක් වන ආශා ද  වොස් මහත්මිය යි. මැය ප‍්‍රාථමික අධ්‍යාපනය ලංකාවේ ලබාගත් අතර ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲස් විශ්වවිද්‍යාලයෙන් සාගර හා පාරිසරික ජීව විද්‍යා උපාධිය හදාරා ඇති අතර ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හා පීඑච්ඞී උපාධිය ලබාගෙන ඇත.

මෙලෙස බලන විට අතීතයේ කාන්තාවට හිමි තැන ට වඩා එනම් ස්ත‍්‍රිය  නියෝජනය නොකළ බොහෝ සමාජ තත්ත්වයන් අද වන විට ස්ත‍්‍රිය විසින් අත්පත් කරගෙන තිබේ. සමාජය තුළ බොහෝ ක‍්‍රියාකාරී අංශයන්හි මෙන්ම  දේශපාලනය තුළ ද කාන්තාව ඉහළින් සිටින ආකාරයක් අද වන විට දැකගත හැකි ය. ස්ත‍්‍රිය පැවති බොහෝ අභියෝග බිඳ දමමින් නැගී සිටින්නට තරම් ශක්තිමත් වී හමාරය. මෙකී වෙනස්වීම්වලට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ඇය අවට පරිසරය යි.  වෙනස් වන සමාජ ක‍්‍රමයත් සමඟ ස්ත‍්‍රිය දැනුමෙන් පරිපූර්ණ වී එම ගතිකත්වයට සාර්ථකව මුහුණ දෙමින් සිටින ආකාරය වත්මන් සමාජ ක‍්‍රමය තුළ සුලබ වූ දර්ශනයකි.

මෙලෙස එදා සහ අද ස්ත‍්‍රියගේ වටපිටාව එනම් පරිසරය ඇයගේ අධ්‍යාපන මට්ටම තීරණය කිරීමට සමත්ව ඇති බව පැවසිය හැකි ය. මුල්කාලීන ස්ත‍්‍රියට පැවති සමාජ වටපිටාව අනුව අධ්‍යාපනය එතරම් අත්‍යාවශ්‍ය කරුණක් නොවීය. නමුදු ක‍්‍රමිකව විකාශනය වෙමින් පැමිණි සමාජ ගමන් මග තුළ ස්ත‍්‍රිය වෙනස් වෙමින් හා සමාජ වටපිටාවන්වලට සරිලන සේ ගතික වන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇය තම අයිතියක් වූ අධ්‍යාපනය කෙරේ යොමුවීම නිරායාසයෙන්ම සිදු විය. ස්ත‍්‍රිය සෑම අංශයකදීම සම සමව ක‍්‍රියාත්මක වන අයුරු වර්තමාන කාලය තුළ සුලබ දර්ශනය කි. තාක්ෂණය, විද්‍යාව, ගවේෂණය, කලාව ආදී  ඕනෑම පැතිකඩක් වේවා ස්ත‍්‍රී මූලිකත්වයක් දැක ගත හැකිය.  මුහුදු පතුලේ සිට උඩු ගුවන දක්වාම ස්ත‍්‍රී නියෝජනයක් වර්තමානය වන විට ක‍්‍රියාත්මක වී හමාරය.

ස්ති‍්‍රය වූ කළී හුදෙක් රාමුවක් තුල කොටුවී සිටින සාම්ප‍්‍රදායික භූමිකාවක් නොවේ. ස්ත‍්‍රිය යනු සමාජය තුළ පිරිමින් හා සම සමව ක‍්‍රියාත්මක විය හැකි චරිතයකි. අධ්‍යාපනය ඇයගේ එක් වත්කමක් පමණි. එමෙන්ම එකී වත්කම  ඇයගේ අයිතියකි. ස්ත‍්‍රියට ලබාදිය යුත්තේ ඇයගේ මාවත අවහිර කරනු ලබන දෑවැද්ද නොව ඇයව  දිරිමත් කරන අධ්‍යාපනයයි. දියණියක, සොයුරියක, යෙහෙළියක හා මවක ලෙසින් දිනෙක ඇය ලබන්නා වූ අධ්‍යාපනය හේතුකොට ගෙන රටක් සමාජයක් පමණක් නොව මුලූ මහත් විශ්වයම ගොඩනැගීමට ඇයට හැකි ය. අවසාන වශයෙන් වහරේ පවතින අර්ථවත් වූ වදන් පෙළක් මෙසේ ගොනු කරමි.

” පිරිමි දරුවෙකුට අධ්‍යාපනය ලබා දෙන්න ඔබ ඉගැන්වූයේ එක් අයකුට පමණි. ගැහැනු ළමයකුට ශිල්ප කියාදෙන්න එය මුළුමහත් සමාජයටම දැනුම බෙදා දුන්නා හා සමානය.”


                        



       

    සිනහව

    විටෙක කුරිරු වූත්, විටෙක සුහදශීලී වූත් තවත් විටෙක ප්‍රේමණීය වූත් ඒ ඇසිල්ලේම දුක්ඛිත වූත් අපූරු හැගීම් සමුදායක් කියාපෑමට හැකි ආමන්ත්‍රණයකි සිනහව. බොහෝ කතාවල ආරම්භය සිනහව වුවද අවසානය ප්‍රීතිමත්ද යන්න ගැටලුවකි. සිනහවෙන් ආරම්භ වූ කතා සිනහව තුලින්ම අවසන් වනවා දැකීමටද නොහැකි තරමට සමාජය වෙනස් වී හමාරය.. වර්තමානය වන විට ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ මුවගින් සිනහව ගිලිහී ගොස් ඇති බව සනාථන කරුණකි., මෙම වසර තුල නිකුත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රීතිය සම්බන්ධ 2018 වසරට අදාළ  වාර්තාවට අනුව ලොව ප්‍රීතිමත් මිනිසුන් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව 133 වන තැනට පත්ව තිබේ.  සිනහවට මුල් තැන දෙන සිනහවෙන් කල් ගෙවන ජාතියක් ලෙස ලොව පතල සිංහල ජාතිය අදවන විට පත්ව ඇති තැන පිළිබද ඔබත් මමත් සුලුවට නොව මහ ඉහලින් සිතිය යුතු ය.  "සතුට සහ සමාජය " යන මාතෘකාව ඔස්සේ මෙම වසර තුළ එලි දක්වා ඇති මෙම වාර්තාවට අනුව රටවල් 156ක පත්වනු ලැබූ සමීක්ෂණයකින් අනතුරුව මාර්තු මස 23 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රීතිමත් දිනයට සමගාමීව නිකුත කර ඇත. එකී සමීක්ෂණයේ පළමු තැනට පත්ව තිබෙනුයේ පිනලන්තයයි.,
                   ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ ජීවිතයෙන් සතුටත්, මුවගින් සිනහවත් ගිලිහී යාමට තුඩු දුන් හේතු කාරණා අප සැමගේ හේතූන් මිස අන් කිසිවකුගේවත් බලපෑම් නොව. නවතින්නට හෝ සිතා බලන්නට කාලයක් නොමැති බව තවදුරටත් මේ අනුව පසක් වේ..,